මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සාමය ආරක්‍ෂා කිරීමට පොලිසියට සහ ආරක්‍ෂක හමුදාවලට උපරිම සහාය දෙන්න- අගමැති

    මැයි 13, 2019

    නීතිය කඩකරන්නන්ට එරෙහිව තදින් කටයුතු කිරීමට ආරක්‍ෂක අංශ සියලූ පියවර ගෙන තිබෙන බවත් ඒ නිසා සාමය ආරක්‍ෂා කිරීමට පොලිසියට සහ ආරක්‍ෂක හමුදාවලට උපරිම සහාය ලබාදෙන ලෙසත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉල්ලා සිටියි.

     අග්‍රාමාත්‍යවරයා මීට සුළු මොහොතකට පෙර විශේෂ විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින් මේ බව කියා සිටියි.

    ජාත්‍යන්තර ත්‍රස්තවාදයේ ප්‍රතිඵලයක් ලෙස පාස්කු ඉරිදා අමානුෂික ප්‍රහාරයක් එල්ල වුණා. ඒ ප්‍රහාරය පිළිබඳව විමර්ශන කටයුතු අපේ ආරක්‍ෂක හමුදා ඉතා සාර්ථක ලෙස සිදු කරමින් යනවා. ඊට සම්බන්ධ බොහෝ පාර්ශ්වයන් නීතියේ රැහැනට හසු කර ගැනීමට අපට පුලූවන් වුණා. තත්වය පාලනය කර ගැනීමටත් ආරක්‍ෂක අංශවලට හැකි වුණා.


    නමුත් රටේ සාමය බිඳ වැටී, ජාතිවාදී ප්‍රශ්න ඇති වුවහොත් රට අස්ථාවර වෙනවා. මේ කඩාකප්පල්කාරී ක්‍රියාවන් නිසා ආරක්‍ෂක අංශවලට තම විමර්ශන කටයුතු නිසියාකාරව සිදු කිරීමට බාධා පැමිණෙනවා. තැන තැන කලබල ඇති වීමේ ප්‍රතිඵලය වන්නේ වෙසක් උත්සවයත් කඩා කප්පල් කිරීමයි.


    වයඹපළාතේ ස්ථාන කිහිපයක මේ කණ්ඩායම් කලබල ඇති කිරීමට උත්සාහ කළා. දේපොළ හානි කළා. දැන් පොලිසියත්, ආරක්‍ෂක හමුදාවත් ඒ තත්ත්වය මැඩපවත්වා තිබෙනවා. තවත් තැන තැන කලබල ඇති කිරීමට මේ කණ්ඩායම් උත්සාහ කරනවා.
    මේ අවස්ථාවේ කලබල ඇති කිරීමේ අරමුණ පොලිසිය සහ ආරක්‍ෂක හමුදා අපහසුතාවයට පත් කිරීමයි. ජන ජීවිතය කඩාකප්පල් කිරීමයි. රට අස්ථාවර කිරීමයි. මේ නිසා රට පුරා ඇදිරි නීතිය පනවන්නට රජය තීරණය කළා.
    රටේ සාමය බිඳදමන්නන්ටත්, හදිසි නීතිය හා ඇදිරි නීතිය කඩකරන්නන්ටත් විරුද්ධව දැඩි පියවර ගැනීමට සම්පූර්ණ බලතල ආරක්‍ෂක අංශ වෙත මම පවරා දී තියෙනවා. නීතිය කඩකරන්නන්ට එරෙහිව තදින් කටයුතු කිරීමට ආරක්‍ෂක අංශ සියලූ පියවර ගන්නවා. ඒ නිසා සාමය ආරක්‍ෂා කිරීමට පොලිසියට සහ ආරක්‍ෂක හමුදාවලට උපරිම සහාය ලබාදෙන මෙන් මම ඉල්ලා සිටිනවා.

    2019.05.13

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya