මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනපති ප්‍රධානත්වයෙන් සර්වපාක්ෂික සමුථව රැස් වේ.

    අප්‍රේල් 25, 2019

    ජනාධිපති  මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්, සියලු පක්ෂ නායකයන්ගේ සහ නියෝජිතයන්ගේ සහභාගිත්වයෙන් සර්ව පාක්ෂික සමුථව අද (25) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි.

    රටේ පවතින වත්මන් තත්ත්වය සහ ඒ හමුවේ ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳ මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක් වූ අතර, රටේ ජාතික ආරක්ෂාව තහවුරු කිරීමට පක්ෂ පාට භේදයකින් තොරව සියලුදෙනා එක්වීමේ වැදගත්කම අවධාරණය කෙරිණි.

    රටක් වශයෙන් මේ මොහොතේ දී මෙම ත්‍රස්තවාදී උවදුර මුලිනුපුටා දැමීමට සහ අදාළ පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට ජනාධිපතිතුමා ඇතුථ රජය ගෙනයන වැඩපිළිවෙළට භේදයකින් තොරව සිය උපරිම සහය ලබාදෙන බවට මෙහි දී සියලු පක්ෂ නායකයෝ සහතික වූහ.

    අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, විපක්ෂනායක මහින්ද රාජපක්ෂ යන මහත්වරුන් සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, එක්සත් ජනතා නිදහස් සන්ධානය සහ එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් මැති ඇමතිවරුන් රැසක් ද, පොදුජන පෙරමුණ නියෝජනය කරමින් බැසිල් රාජපක්ෂ, දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන්, ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරමින් එහි ප්‍රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත්, ජාතික හෙළ උරුමය නියෝජනය කරමින් අමාත්‍ය පාඨලී චම්පික රණවක, මහජන එක්සත් පෙරමුණේ නායක දිනේෂ් ගුණවර්ධන, ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ, පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි උදය ගම්මන්පිල, ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණේ නායක අමාත්‍ය මනෝ ගනේෂන්, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක අමාත්‍ය රවුෆ් හකීම්, සමස්ත ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක රිෂාඞ් බදියුදීන්, කම්කරු ජාතික සංගමයේ නායක අමාත්‍ය පලනි දිගම්බරම්, කදුරට ජනතා පෙරමුණේ නායක අමාත්‍ය වී.එස්, රාධක්‍රිෂ්ණන්, ඊපීඩීපී පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ඩග්ලස් දේවානන්ද, ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ නායක ඩිව් ගුණසේකර, ලංකා සමසමාජ පක්ෂ නායක මහාචාර්ය තිස්ස විතාරණ, ජාතික සමගි පෙරමුණේ නායක අසාත් සාලි යන මහත්වරුන් ඇතු`ථ පක්ෂ නායකයන් සහ නියෝජිතයෝ රැසක් මීට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya