අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඉන්දීය අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගෙන් ජනපතිට දුරකථන ඇමතුමක්

    අප්‍රේල් 22, 2019

    ඉන්දීය අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අද (22) දහවල් ජනාධිපති ගරු මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා සමග විශේෂ දුරකථන සංවාදයක නිරත විය.

    ශ‍්‍රී ලංකාවට මුහුණදීමට සිදු වූ මෙම කණගාටුදායක සිදුවීම පිළිබඳව පෞද්ගලිකවත්, ඉන්දීය රජය වෙනුවෙනුත් ජනාධිපතිතුමා වෙත සිය බලවත් කණගාටුව පළ කළ ඉන්දීය අග‍්‍රාමාත්‍යවරයා ප‍්‍රකාශ කළේ ත‍්‍රස්තවාදය මර්දනය සඳහා අවශ්‍ය ඕනෑම සහයක් ඕනෑම මොහොතක ශ‍්‍රී ලංකාවට ලබාදීමට තමා සූදානම් බවයි.

    මෙම අසීරු අවස්ථාවේ ඉන්දීය රජයත්, ජනතාවත් ශ‍්‍රී ලාංකීය සහෝදර ජනතාව සහ රජය සමඟ අත්වැල් බැඳගෙන සිටින බව වැඩිදුරටත් ප‍්‍රකාශ කළ ඉන්දීය අග‍්‍රාමාත්‍යවරයා දෙරටේ සමීප සබඳතාවය සහ සුහදතාවය වඩා ශක්තිමත්ව ඉදිරියට පවතින බව කියා සිටියේය.

    ජනාධිපති මාධ්‍ය අංශය

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya