අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රටේ අධ්‍යාපනය පිළිබඳ තීන්දු තීරණ දේශපාලනඥයන් නොව අධ්‍යාපනඥයන් විසින් ගතයුතුයි- ජනපති

    අප්‍රේල් 12, 2019

    රටේ අධ්‍යාපනය පිළිබඳ තීන්දු තීරණ දේශපාලනඥයන්ට භාර නොකොට එම වගකීම අධ්‍යාපනඥයන් ඇතුළු මෙරට උගතුන් සහ බුද්ධිමතුන් අතට ගත යුතු බව ජනාධිපතිතුමා පවසයි.

    දරුවන්ට නව ලෝකය ජයගත හැකි අන්දමේ සහ අධ්‍යාපන ක්ෂේත‍්‍රයේ මතුව ඇති ගැටලුවලට විසදුම් ලබාදීමේ ජාතික සැලැස්මක් කඩිනමින් රටට අවශ්‍ය අතර ඒ පිළිබඳ සංවාදයක් දේශපාලනඥයන්, උගතුන්, බුද්ධිමතුන් සහ ක්ෂේත‍්‍රයේ ප‍්‍රවිණයන් එක්ව රට තුළ මතු කළ යුතු බව ජනාධිපතිතුමා ප‍්‍රකාශ කළේය.

    ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මේ බව සඳහන් කළේ 05 වසර ශිෂ්‍යත්ව විභාගය පිළිබඳ  (11) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවක දී ය.

    මෙහි දී අදහස් දැක්වූ ජනාධිපතිතුමා වැඩිදුරටත් සඳහන් කළේ 05 වසර ශිෂ්‍යත්ව විභාගය අද රටේ දරුවන්ගේ අධ්‍යාපනයට ඉතා අහිතකර තත්වයක් නිර්මාණය කර ඇති බවයි.

    ජනපි‍්‍රය පාසල් යන සංකල්පය ඉලක්ක කර ගනිමින් 05 වසර ශිෂ්‍යත්වය තුළ ඇතිව ඇති තරගකාරිත්වය රටේ දරුවන්ගේ අධ්‍යාපනයට යහපත් තත්ත්වයක් නොවන අතර මෙම තත්ත්වය රටේ දරුවන් වෙනුවෙන් කඩිනමින් පරිවර්තනයකට ලක්විය යුතු බව ජනාධිපතිතුමා කියා සිටියේය.

    ජනපි‍්‍රය පාසල් සහ හොඳම පාසල් යන සංකල්පය තුළ අද රටේ දරුවන්ට අධ්‍යාපනයේ විශාල අසාධාරණයක් සිදුව ඇති අතර විධිමත් අධ්‍යාපන සැලැස්මක් තුළ සියලු පාසල් හො`දම පාසල් බවට පත් කරමින් රටේ දරුවන්ට සම අධ්‍යාපන අයිතින් දිනා දීමේ වැඩපිළිවෙළ කඩිනමින් අවශ්‍ය බව ද ජනාධිපතිතුමා සඳහන් කර සිටියේ ය.

    ගුරු ගැටලුව හේතුවෙන් අධ්‍යාපනයේ සිදුව ඇති විෂමතාවය පිළිබඳව ද මෙහි දී අදහස් දැක්වූ ජනාධිපතිතුමා ප‍්‍රකාශ කළේ ගුරු ගැටලුව විසඳීමට ද විධිමත් ප‍්‍රතිපත්තියක් පිළිබඳ කඩිනම් අවධානය යොමු විය යුතු බවයි.

    ජනපි‍්‍රය පාසල් සංකල්පය තුළ විශාල දරුවන් පිරිසක් කොළඹ නගරයේ පාසල්වලට ඇඳී ඒම හේතුවෙන් අද කොළඹ නගරයේ දරුවන්ට පාසල් අහිමිවීමේ ඛේදජනක තත්ත්වය ද මෙහිදී ජනාධිපතිතුමා සිහිපත් කළේය.

    එමෙන්ම අධ්‍යාපනයේ තරගකාරිත්වය තුළ එක් පාසලක් සඳහා අසීමිත සිසු පිරිසක් වාර්ෂිකව ඇතුළත් කර ගැනීම හේතුවෙන් අධ්‍යාපනයේ ගුණාත්මක භාවය මෙන්ම විනයවත් අනාගත පරපුරක් ගොඩනැඟීමේ දී මතුව ඇති අභියෝගය ද ජනාධිපතිතුමා පැහැදිලි කළේය.

    05 වසර ශිෂ්‍යත්ව විභාගය අහෝසිකර ඒ සඳහා ඉදිරිපත් කෙරෙන විකල්ප වැඩපිළිවෙළ පිළිබඳ මෙහිදී අධ්‍යාපනඥයන් ඇතුළු ක්ෂේත‍්‍රයේ ප‍්‍රවිණයන්ගේ අදහස් විමසීම සිදු කරන ලදී.

    ජනාධිපති ලේකම් උදය ආර්. සෙනෙවිරත්න මහතා ද, අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේක

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya