අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නීතිවිරෝධි මත්ද්‍රව්‍ය ජාවාරම සහ මිනිස් ජාවාරම මැඬලීමට ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර නව සහයෝගිතා වැඩපිළිවෙළක්

    අප්‍රේල් 09, 2019

    නීතිවිරෝධි මත්ද්‍රව්‍ය ජාවාරම සහ මිනිස් සංක්‍රමණික ජාවාරම මැඬලීමේ දී ඉන්දියාව සහ ශ්‍රී ලංකාව නව සහයෝගිතා වැඩපිළිවෙළක් ඔස්සේ කටයුතු කිරීමට එකඟතාව පළ කෙරේ.

    ශ්‍රී ලංකාවට පැමිණ සිටින ඉන්දිය ආරක්ෂක ලේකම් සංජේ මිත්‍රා මහතා   (08) පෙරවරුවේ ජනාධිපති නිල නිවසේ දී ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා හමු වූ අවස්ථාවේ දී මේ පිළිබඳ සාකච්ඡාවට ලක් කෙරිණි.

    කලාපීය ආරක්ෂාව වෙනුවෙන් නීතිවිරෝධි මත්ද්‍රව්‍ය ජාවාරම සහ මිනිස් ජාවාරම මැඬලීමේ දී ඉන්දු ශ්‍රී ලංකා සහයෝගිතාව තුළ පුළුල් අවබෝධයකින් සහ එකඟතාවයකින් කටයුතු කිරීම පිළිබඳ මෙහි දී අවධානය යොමු විය.

    එමෙන්ම ශ්‍රී ලාංකීය ආරක්ෂක හමුදාවන් සඳහා ඉන්දීය රජය ලබාදෙන පුහුණු අවස්ථා පිළිබඳ සිය ස්තූතිය පළ කළ ජනාධිපතිතුමා එම පුහුණු අවස්ථා තවදුරටත් ඉහළ නංවා ගැනීමට සහය වන ලෙස කළ ඉල්ලීම පිළිබඳව ද ඉන්දීය ආරක්ෂක ලේකම්වරයාගේ අවධානය යොමු කෙරිණි.

    එමෙන්ම ආරක්ෂක කටයුතුවල දී දෙරට අතර සහයෝගිතාව තවදුරටත් ශක්තිමත් කර ගැනිමටත් එහිදී නිරන්තරයෙන් අදහස් හුවමාරුකර ගැනීම පිළිබඳවත් සාකච්ඡා විය.

    මෙහි දී ඇතිවූ එකඟතාවන් ඉදිරියට ක්‍රියාත්මක කිරීම පිළිබඳ දෙරටේ ආරක්ෂක ලේකම්වරු එක්ව සාකච්ඡා කිරීමට ද තීරණය කෙරිණි.

    ජනාධිපති ලේකම් උදය ආර්. සෙනෙවිරත්න, ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු, ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් තරංජිත් සින්ග් සන්දු යන මහත්වරුන් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya