අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රටේ සංස්කෘතියට ගරු කරන සහ ලෝකය ජයගත හැකි උගත් තරුණ පරපුරක් රටතුළ බිහිවිය යුතුයි- ජනපති

    මාර්තු 28, 2019

    අපගේ සංස්කෘතික හර පද්ධතින්, සිරිත් විරිත් හා සම්ප්‍රදායන් කිසිවිටෙක කිසිදු බලවේගයකට යටත් නොකළ යුතු බව ජනාධිපතිතුමා පවසයි.

    අපගේ සංස්කෘතියට හා සම්ප්‍රදායට ගරු කරන සහ ලෝකය ජයගත හැකි උගත් තරුණ පරපුරක් රට තුළ බිහිවිය යුතු බව ද ජනාධිපතිතුමා ප්‍රකාශ කළේ හේනේගම මධ්‍ය විද්‍යාලයේ 75 වන සංවත්සර උලෙළට සහ ත්‍යාග ප්‍රදානෝත්සවයට  (26) පස්වරුවේ එක්වෙමිනි.

    විද්‍යාලය වෙත ගිය ජනාධිපතිතුමා එම සිසු දරුවන් විසින් මහත් හරසරින් පිළිගත්හ.

    සිසු දරුවන් ඇමතූ ජනාධිපතිතුමා වැඩිදුරටත් ප්‍රකාශ කළේ අප අධ්‍යාපනය ලැබිය යුත්තේ රැකියාවක් ඉලක්ක කර ගනිමින් පමණක් නොව ලෝකය සහ සමාජය වෙනස් කිරීම වෙනුවෙන් බවය. මෘත භූමියේ කීර්තිය දසත පැතිරිය හැකි උගත් දරු පරපුරක් රට තුළ ගොඩනැඟිය යුතු බව ද ජනාධිපතිතුමා සඳහන් කළේය.

    1944 වසරේදී ආරම්භ කළ හේනේගම මධ්‍ය විද්‍යාලය, මධ්‍ය විද්‍යාල සංකල්පය යටතේ මෙරට බිහිවූ 11 වන මධ්‍ය විද්‍යාලයයි. මේ වන විට සිසුන් 3200කට ආසන්න පිරිසක් විද්‍යාලයේ ඉගෙනුම ලබන අතර විද්‍යා, කලා, වාණිජ සහ තාක්ෂණ විෂය ධාරාව යටතේ අධ්‍යාපන කටයුතු සිදු කෙරේ.

    හේනේගම මධ්‍ය විද්‍යාලය ජාතික පාසලක් බවට පත්කරන ලෙස කරන ලද ඉල්ලීම පිළිබඳව ද මෙහිදී අවධානය යොමු කළ ජනාධිපතිතුමා කියා සිටියේ ඒ පිළිබඳ අවශ්‍ය ඉදිරි පියවර ගන්නා බවයි.

    විද්‍යාලයේ විශිෂ්ඨතා දැක්වූ සිසුන්ට තිළිණ සහ සහතිකපත් ප්‍රදානය කිරීම ජනාධිපතිතුමා අතින් සිදු විය.

    විදුහල්පති විජය සත්‍යජිත් කුලරත්න මහතා විසින් ජනාධිපතිතුමා වෙත ද විශේෂ සිහිවටන තිළිණයක් පිළිගැන්වීය.
    ලසන්ත අලගියවන්න, උපාලි ගුණරත්න, චන්දන ජයකොඩි යන මහත්වරුන් ඇතුළු පළාතේ මහජන නියෝජිතයන් ද විදුහල්පති, ආචාර්ය මණ්ඩලය, දෙමාපියන්, ආදි සිසුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya