අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අපේ‍්‍රල් 03 වනදා සිට මත්ද්‍රව්‍යවලට අදාළ වැටලීම් නව මුහුණුවරකින්- ජනපති

    මාර්තු 26, 2019

    කොළඹ නගරයේ සහ මුහුදුබඩ ප‍්‍රදේශ ආශි‍්‍රතව මත්ද්‍රව්‍ය වැටලීම් ලබන අපේ‍්‍රල් 03 වනදා සිට වඩා පුළුල් කිරීමට පියවර ගෙන තිබෙන බව ජනාධිපතිතුමා පවසයි.

    ති‍්‍රවිධ හමුදාව සහ පොලිසිය ඒකාබද්ධව ඉතා ශක්තිමත් අයුරින් එම වැටලීම් සිදුකිරීමට සැලසුම් සකස් කර තිබෙන බව ද ජනාධිපතිතුමා ප‍්‍රකාශ කළේය.
    ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මේ බව සඳහන් කළේ හිඟුරක්ගොඩ ආනන්ද බාලිකා විද්‍යාලයේ නව පිහිනුම් තටාකය සිසු අයිතියට පවරාදීමේ අවස්ථාවට   (25) පෙරවරුවේ එක්වෙමිනි.
    දිස්ති‍්‍රක්කයේ පාසල් දරුවන්ගේ කී‍්‍රඩා කෞශල්‍යය ඉහළ නැංවීමේ අරමුණින් ,පිබිදෙමු පොළොන්නරුව, දිස්ති‍්‍රක් සංවර්ධන වැඩසටහන යටතේ රුපියල් ලක්ෂ 450ක් වැය කරමින් මෙම පිහිනුම් තටාකය විද්‍යාලය වෙත ලබා දී තිබේ.
    සමරු ඵලකය නිරාවරණය කර පිහිනුම් තටාකය සිසු අයිතියට පැවරු ජනාධිපතිතුමා සිසුන්ගේ ඉදිරිපත් කිරීම් නිරික්ෂණය කිරීමට ද එක් විය. උතුරු මැද පළාත් ආණ්ඩුකාර සරත් ඒකනායක මහතා ඇතුළු පිරිසක් ද විදුහල්පතිනි, ආචාර්ය මණ්ඩලය ආදි සිසුන් සහ සිසු දරුවන් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
    මේ අතර “පිබිදෙමු පොළොන්නරුව” දිස්ති‍්‍රක් සංවර්ධන වැඩසටහන යටතේ රුපියල් ලක්ෂ 600ක වියදමින් මින්නේරිය ජාතික පාසලේ ඉදිකෙරුණු නව පන්ති කාමර ගොඩනැඟිල්ල සහ ශ‍්‍රවණාගාරය සිසු අයිතියට පවරාදීම ද  ජනාධිපතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් සිදු විය.
    එම විද්‍යාලය වෙත ද ගිය ජනාධිපතිතුමා සිසු දරුවන් විසින් මහත් සෙනෙහසින් යුතුව පිළිගන්නා ලදී. සමරු ඵලකය නිරාවරණය කර නව තෙමහල් පංතිකාමර ගොඩනැඟිල්ල සහ ශ‍්‍රවණාගාරය සිසු අයිතියට පවරාදුන් ජනාධිපතිතුමා එහි නිරික්ෂණ චාරිකාවක ද නිරත විය.
    මේ අතර විද්‍යාලයේ අඩුපාඩු කිහිපයක් පිළිබඳ දරුවන් කරන ලද ඉල්ලීම අනුව විද්‍යාලය වෙත ප‍්‍රතිආශ‍්‍රැතකරණ ජල පද්ධතියක් සහ බටහිර තූර්ය වාදන කණ්ඩායම සඳහා අවශ්‍ය ඇඳුම් ලබා ගැනීමට ප‍්‍රතිපාදන ලබාදීමට ඉදිරි සති දෙක තුළ දී කටයුතු කිරීමට ජනාධිපතිතුමා එකඟතාව පළ කළේය.
    ප‍්‍රදේශයේ නිවාස නොමැති පවුල් කිහිපයක් වෙනුවෙන් ඉදිකෙරුණු නිවාසවල හිමිකම් ප‍්‍රදානය කිරීම ද මෙහි දී ජනාධිපතිතුමා අතින් සිදු විය. විදුහල්පතිනි ඊ.එම්. ස්වර්ණා කුමාරි මහත්මිය ඇතුළු ආචාර්ය මණ්ඩලය, දෙමාපියන්, ආදි සිසුන් ඇතුළු පිරිසක් එම අවස්ථාවට එක්ව සිටියහ.
    හිඟුරක්ගොඩ අධ්‍යාපන කලාපයේ අලුත්ඔය කනිෂ්ඨ විද්‍යාලයේ නව පන්ති කාමර ගොඩනැඟිල්ල සිසු අයිතියට පවරාදීමේ අවස්ථාවට ඉන් අනතුරුව ජනාධිපතිතුමා එක් විය.
    එම විද්‍යාලයේ දරුවන් විසින් ද ජනාධිපතිතුමා මහත් සෙනෙහසින් යුතුව පිළිගත්තේය. සමරු ඵලකය නිරාවරණය කර නව පන්ති කාමර ගොඩනැඟිල්ල සිසු අයිතියට පවරාදුන් ජනාධිපතිතුමා විද්‍යාලයේ සෙසු අඩු පාඩු පිළිබඳව ද සොයා බැලීය. ප‍්‍රදේශයේ මහජන ගැටලු රැසක් ද මෙහිදී ජනාධිපතිතුමාගේ අවධානයට ලක් විය.
    මේ අතර අලුත්ඔය විද්‍යාලය ඉදිරිපිට ඉදිකෙරුණු අලුත්ඔය මිනිහිරිගම හෙළ බොජුන් හල  විවෘත කෙරුණේ ද ජනාධිපතිතුමා අතිනි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya