නොවැම්බර් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රුහුණේ ආර්ථික පරිවර්ථනයේ කේන්ද්‍රස්ථානය හම්බන්තොටයි- අපි ඔක්කොම කළේ ප්‍රතිපත්තියක් අනුවයි- අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ

    මාර්තු 24, 2019

    රුහුණේ ආර්ථික පරිවර්ථනයේ කේන්ද්‍රස්ථානය හම්බන්තොට බවත් හම්බන්තොට වෙළඳ කලාපයෙන් මුළු ආර්ථිකයම නවීකරණය වන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

     ශ්‍රී ලංකා ආයෝජන ඉතිහාසයේ දැවැන්තම ආයෝජනය වන හම්බන්තොට මිරිජ්ජවිල ඉදිවෙන තෙල් පිරිපහදු සංකීර්ණය සහ සිමෙන්ති කර්මාන්ත ශාලාව සඳහා අද (24) මුල්ගල තැබීමේ අවස්ථාවෙන් අනතුරුව පැවැති උත්සවය අමතමින් අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසී ය.

    මම සතුටු වෙනවා ඕමානයේ අමුත්තන් පැමිණීම ගැන. විශේෂයේ ම මට සුබ පැතූ සියලු දෙනාටම ස්තූතිවන්ත  වෙනවා. රටට ලබුණු දායාදය අපට ලැබුණු හොඳම තෑග්ග. හම්බන්තොට වරාය හිස්. මත්තල හිටියේ මොණරු  විතරයි. වල් අලි හිටියේ යාලේ. සුදු අලි හිටියේ හම්බන්තොට. අද අනුමත කර තිබෙනවා, චීන සමාගමක් විසින්  ඉදි කිරීමට යන එලෙන්ජී ගෑස් විදුලි බලාගාරයක්.අද මෙතැන තෙල් පිරිපහදුවක් ඇති කරනවා. සපුගස් කන්දෙන්  පසුව පලමුවරට තෙල් පිරි පහදුවක් ඇති කරන්නේ. සිමෙන්ති කර්මාන්තශාලාව මෙතැන ඉදිවෙනවා. මාස තුනක්  යන්නට පෙර මත්තල ගුවන්තොටුපලත් ක්‍රියාත්මක වෙනවා.

    අවුරුදු තුනකින් අප පොරොන්දු වූ හැටියට දෙන්නේ. රුහුණේ ආර්ථික පරිවර්ථනයේ කේන්ද්‍රස්ථානය  හම්බන්තොටයි. මෙය අප තවත් දියුණු කරනවා. මෙතැනින් හම්බන්තොට කොටස විතරයි. මෙතැන අක්කර  6000ක් තියෙනවා. මොණරාගල 6000ක් තිබෙනවා. මෙය ඇති කිරීමෙන්කො පමණ වෙනසක් වෙනවද? අපි  හිතන්නේ නැති බිස්නස් මෙතැන ඇති වෙනවා. සිමෙන්ති හිඟයත් අප විසඳලා තියෙන්නේ.

    මෙහි විශාල  දියුණුවක් ඇති වෙනවා. මෙතැනින් නතර වෙන්නේ නෑ. පරිවර්තනයේ එක කොටසක් විතරයි. ආයෝජන  ලබාගන්න ක්‍රියාකරනවා. හම්බන්තොට වෙලඳ කලාපයේ මුළු ආර්ථිකයම නවීකරණය වෙනවා. සංචාරක  ව්‍යාපාරය, ධීවර් කර්මාන්තය නවීකරණය කෙරෙනවා. එහෙම දියුණුවක් ගෙන යන්නේ.විශාල දියුණුවක්. අපි  ඔක්කොම කළේ ප්‍රතිපත්තියක් අනුවයි. අපි ණය පිරිණු රටක් ගත්තේ.ආණ්ඩුවක් ලෙස අප බොරු කරන්නේ නෑ.  අපි වැඩකරන ආණ්ඩුවක් යැයි ද අග්‍රාමාත්‍යවරයා පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya