අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    Ayur EX Kandy 2014 අන්තර්ජාතික ආයුර්වේද අධ්‍යාපන හා වෙළෙඳ ප්‍රදර්ශනය

    ජූලි 26, 2014
    මහනුවර කැන්ඩි සිටි සෙන්ටර්හිදී පැවැත්වුණු Ayur EX Kandy 2014 අන්තර්ජාතික ආයුර්වේද අධ්‍යාපන හා වෙළෙඳ ප්‍රදර්ශනය නැරඹීමට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද (26) පෙරවරුවේ එක් විය.


    පාරම්පරික වෛද්‍ය දැනුම් ලොවට ගෙන යාමේ අරමුණින් පසුගිය 24දා ආරම්භ කෙරුණු මේ ප්‍රදර්ශනය අදින් (26) අවසන් විය. 

     

    දෙවන වරටත් පැවති මේ ප්‍රදර්ශනය සංවිධානය කරන ලද්දේ මධ්‍යම පළාත් සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය, ආයුර්වේද දෙපාර්තමේන්තුව හා මධ්‍යම පළාත් සභාව එක්වෙයි. 


    සුවබර දිවියකට හෙළ වෙදකම යන්න තේමා කර ගනිමින් පැවති මේ ප්‍රදර්ශනය, ප්‍රදර්ශන කුටි 120කින් සමන්විත විය. හෙළ වෙදකම පිළිබඳ කියැවෙන දේශීය ප්‍රදර්ශන කුටි 08ක්, විදෙස් රටවල් 06ක ආයුර්වේද ක්ෂේත්‍රයට අයත් ආයතන විසින් පවත්වාගෙන යනු ලබන කුටි 39ක් සහ විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් හා අධ්‍යාපන ආයතනවල ශිෂ්‍යයන් විසින් පවත්වාගෙන යන කුටි 39ක් මීට ඇතුළත් වුණි.
     

    ගම්පහ වික්‍රමාරච්චි ආයුර්වේද විද්‍යායතනය සහ කොළඹ විශ්වවිද්‍යාලයේ දේශීය වෛද්‍යවිද්‍යා අධ්‍යයන අංශය ද මෙහි ප්‍රදර්ශන කුටි පැවැත්වීය. 

    දින 03ක් පුරා පැවති මේ ප්‍රදර්ශනය වෙත ගිය ජනාධිපතිවරයා ප්‍රදර්ශන කුටි වෙත යමින් ඒවා නිරීක්ෂණය කරමින් කාර්ය මණ්ඩලය සමඟ ද සුහද කතාබහක නිරත විය.

    අමාත්‍යවරුන් වන එස්.බී. දිසානායක, සාලින්ද දිසානායක, මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක, මධ්‍යම පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව, මධ්‍යම පළාත් සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය බන්දුල යාලේගම යන මහත්වරු මේ අවස්ථාවට එක්ව සිටියහ.

    NDH/pmu_pix by Nishanka de Silva

    05

     

     

    04 2

     

    07

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya