අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනාධිපතිතුමාට, රටට හා ජනතාවට සෙත් පතා අධිෂ්ඨාන පූජාවක්

    ජූලි 26, 2014
    ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමන්ට, රටට හා ජනතාවට ආශිර්වාද පළ කරමින් නෙළුම් මල් දස ලක්ෂයක් පූජා කිරීමේ අධිෂ්ඨාන පූජාවක් අනුරාධපුර ඓතිහාසික ජය ශ්‍රී මහා බෝ සමිඳුන් හා රුවන්වැලි චෛත්‍ය රාජයාණන් වහන්සේ අභියස දී ඊයේ (25) පස්වරුවේ දී පැවැත්විණි.
     
    ඓතිහාසික රුවන්වැලි සෑය වැඳ​පුදා ගත් ජනාධිපතිතුමා මෙම අධිෂ්ඨාන පූජාවට ද සහභාගිවී ආශිර්වාද ලබා ගත්තේය.
     
    රුවන්වැලි මහා සෑ විහාරාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන නායක ස්වාමීන්වහන්සේ, කැලණිය විද්‍යාලංකාර පරිවේණාධිපති පූජ්‍ය වැලමිටියාවේ කුසලධම්ම ස්වාමීන්වහන්සේ, පූජ්‍ය පිලපිටිය පඤ්ඤතිස්ස ස්වාමීන්වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය ද අමාත්‍යවරුන් වන එස්.එම්. චන්ද්‍රසේන, දුමින්ද දිසානායක, උතුරු මැද පළාත් ආණ්ඩුකාර කරුණාරත්න දිවුල්ගනේ, ප්‍රධාන අමාත්‍ය එස්.එම්. රංජිත්, ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණි සේදර සෙනරත් මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
     
    DB
     
    01 8
     
     
    03 3
     
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya