අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රේෂ්ඨාධිකරණය ස්වාධීන ආයතනයක් බව පෙන්වා තිබෙනවා-ජනතාව සිටින්නේ අප සමඟයි

    මාර්තු 13, 2019

    අධිකරණය, ස්වාධීන කොමිෂන් සභා ඇතුළු ආයතනවලට ස්වාධීනට කටයුතු කිරීමට අවස්ථාව ලබාදී තිබෙන බවත් ශ්‍රේෂ්ඨාධිකරණය ස්වාධීන ආයතනයක් බව පෙන්වා තිබෙන බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

    අග්‍රාමාත්‍යවරයා අද (13) පාර්ලිමේන්තුවේ දී අයවැය 2019 කාරකසභා අවස්ථාවේ විවාදයට එක්වෙමින් මේ බව පැවසී ය.

    ඊයේ ආණ්ඩුව වට්ටනවා කිව්වා.අපිට විරුද්ධ 77ක් තිබුණා. තමන්නාන්සේලාට 25ක්වත් නෑ. තුනෙක් එකක් ගන්න බැරි අය මෙතැන කතාකරනවා.අපි ගමට යනවා.මේක සියඹලා ආණ්ඩුව කියනවා. හැබැයි මිරිස් කුඩු ගහන විපක්ෂයක් තියෙනවා.පාර්ලිමේන්තුව නැති කරන්න හදුවේ. එදා පාර්ලිමේන්තුවේ මොකද වුණේ. මිරිස් කුඩු ගහන විපක්ෂය හෙලා දැකිය යුතුයි. පාර්ලිමේන්තුව තිබෙන්නේ ජනතා වරම අනුව ක්‍රියා කරන්නයි.

    පාර්ලිමේන්තුව ගැන ආඩම්බර වෙන්න ඕන.ව්‍යවස්ථාදායක සභාව ස්වාධීනව වැඩකරන්න තියෙන්නේ. අප වගකියන්නේ මේ රටේ ඡන්දදායකයින්ට පමණයි. අපේ ශ්‍රේෂ්ඨාධිකරණය ස්වාධීන ආයතනයක් ලෙස පෙන්වා තිබෙනවා. ව්‍යවස්ථාව ආරක්ෂා කිරීම පෙන්නුවා.මෙකෙන් පෙන්නුවේ කළ හොරේ මොකක්ද කියලා. 225න් 71ක් බැලුවා බලය ගන්න. ඒක පුළුවන්ද?

    ඕනෑ කෙනෙකුට විවේචනය කරන්න පුළුවන්. නඩුකාරයින්ගේ නම් කියන්න,බනින්න බෑ. හැම වෙලාවේම ව්‍යවස්ථාදායක සභාවට නම් යෝජනා කරන්නේ පදනමක් අනුවයි.ස්වාධීනත්වය තිබෙන නිසයි මේ වැඩකටයුතු කරගෙන යන්නේ.

    අද පෙන්වනවා ජනතාව ඉන්නේ කොතනද කියලා. ජනතාව ඉන්නේ අප සමඟ. හම්බන්තොට පිරිපහදුව  ආරම්භ කරනවා.ඊයේ පැරදිලා,දැන් ඇවිල්ල කෑ ගහනවා යැයි ද අග්‍රාමාත්‍යවරයා පැවසී ය

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya