අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනතාව ආණ්ඩුවේ යැපෙන්නන් බවට පත් කරන්න වුවමනාවක් නෑ- ගොවියා ජත්‍යන්තර වෙළඳපොළේ ව්‍යවසායකයෙක් බවට පත් කරනවා- මුදල් අමාත්‍ය

    මාර්තු 12, 2019

    මෙවර අයවැය ඉදිරිපත් කළේ, පෝසත් රටක් සමාජ ආර්ථික දැක්මක් යුතුවයි. මේ රටේ සමස්ත ජනතාව ආණ්ඩුවේ යැපෙන්නන් බවට පත් කරන්න වුවමනාවක් නෑ. ස්වාධිනව ගොඩනැඟෙන පරිසරයක් ඇති කරන්න උත්සහ කරන්නේ.ගොවියා ජත්‍යන්තර වෙලඳපොළේ ව්‍යවසායකයෙක් බවට පත් කරනවා''යැයි මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.

    අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ අද (12) පාර්ලිමේන්තුවේ දී අයවැය දෙවැනිවර කියවීමේ විවාදයේ පිළිතුරු  කතාව කරමිනි.

    විවාදයේ දී අඳහස් දැක්වූ මුදල් අමත්‍යවරයා;

    අපේ ආණ්ඩුව තමයි ක්ෂුද්‍ර ණය පාලනය කිරීමට විධිමත් වැඩපිළිවෙලක් ආරම්භ කළේ. මේ රටේ ජීවත් වන  කාන්තාවන් එදා රජය අසීරු තත්ත්වයට දැම්මා. නියඟය තිබූ 13ක දිළිදු කාන්තාවන් 45000කගේ ණය කපා  හැරියා. හිටපු මුදල් ඇමැතිතුමා, දින පනස් දෙකේ බලහත්කාරයෙන් වාඩි වූ මුදල් අමාත්‍යතුමා,විපක්ෂ නායකතුමා  හැමදේම කිව්වේ පටලවාගෙනයි. මේ රටේ විරැකියාව වැඩි වෙලා කියනවා. සුදු වෑන් නවත්වන එක රට  පාවාදීමක්ද? ජනමාධ්‍යවේදීන් මරණ එක නැවැත්වීම රට පාවාදීමක් ද? සිංහල මුස්ලිම් සමඟිය ගැන කතා කරන එක රට පවාදීමක් ද? කියලා අහනවා. ජී.එස්.පී.සහනය ලබුණේ රටේ සංහිදියාව ගෙනා නිසයි.ධීවර ජනතාවගේ  ජීවන ක්‍රියාවලින ශක්තිමත් කිරීම රට පාවාදීමක් ද?අයවැය දින පහ තුළ අඳහස් දැක්වූ සියලු දෙනාට ස්තූතිවන්ත  වෙනවා.දින පනස් දෙකේ කුමන්ත්‍රණය නිසා ජාත්‍යන්තර ශ්‍රේණිගත වීම්වල රට පහලට දැම්මා. ණය ගන්නකොට  පොළිය සියයට 3%කින් විතර වැඩි වුණා. අපේ රජය යටතේ යළි සාමාන්‍ය තත්ත්වයට ඇවිත්.

    අවුරුදු නවයක් තිස්සේ ආර්ථිකය විනාශ කළ කාලයේ දී ආර්ථික ඝාතකයෝ මේ දවස් 52 දි යළි වරක් ආර්ථිකය  ඝාතනය කළ හැටි කිව්වේ. මෙවර අයවැය ඉදිරිපත් කළේ, පෝසත් රටක් සමාජ ආර්ථික දැක්මක් යුතුව. මේ රටේ සමස්ත ජනතාව ආණ්ඩුවේ  යැපෙන්නන් බවට පත් කරන්න වුවමනාවක් නෑ. ස්වාධිනව ගොඩනැඟෙන පරිසරයක් ඇති කරන්න උත්සහ  කරන්නේ.රටේ ආර්ථික සංවර්ධනය ගැන දක්මක් නති අය කියන දේ තමයි සහන මල්ලක් නෑ කියලා. ඔව් සහන  මල්ලක් නෑ. වහල් මානසිකත්වය නිසා රට අගාධයට ගියා. එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන ආරම්භ කළේ,  කොන්ද කෙලින් තියාගෙන ඉදිරියට යන්න පුළුවන් ශ්‍රී ලාංකීය ජාතියක් ගොඩනගන්නයි.දූදරුවන්ට වාසනාවන්ත  අනාගතයක් ගොඩනැගීමයි අපේ වුවමනාව.බිලියන 87ක් කෘෂිකර්මාන්තයට වෙන් කර තිබෙනවා.මෙතරම් වෙන්  කළ කාලයක් තිබෙනවා නම් පෙන්වන්න. 

    ගොවියා ජත්‍යන්තර වෙලඳපොළේ ව්‍යවසායකයෙක් බවට පත් කරනවා.මේ තරම් සහන කිසිම ආණ්ඩුවකින් ලබාදුන්නද කියලා අහනවා. ධීවර වරයන් ඉදිකරනවා. ධීවර බහුදින ධීවර යාත්‍රා අධීක්ෂණය කිරීමේ පද්ධති සඳහා රුපියල් මිලියන 300ක් ප්‍රකාශයට පත් කළා.රුපියලේ අගය වැඩි වෙලා තිබෙනවා.වහන පර්මිට් මැයි මාසයේ සිට යළි ක්‍රියාත්මකයි. රජයේ සේවක වැටුප් වැඩිවීම් ගැන කතාකරන්නේ නෑ. මේ රටේ රජයේ සේවකයන්ගේ වැටුප සියයට 107%කින් වැඩි වූ අවස්ථාවක් තියෙනවා නම් කියන්න. තවත් 2500ක දීමනාවක් ලබාදී තිබෙනවා. 

    අවුරුදු නවයක්ම කළේ හමුදාව විකුනන් කාලා. කීදෙනෙක් කිව්වද සාර් දීමනා වැඩි කරන්න කියලා. අවුරුදු 20ක් තිස්සේ ඇහුම්කම් දුන්නේ නෑ. හමුදාවේ දීමනා වැඩි කළා.පොලීසියේ වැටුප සියයට 40%කින් වැඩි කළා.ව්‍යාපාර පටන් ගන්න ණය ගත්තම එහි පොළිය ඉතා ඉහළයි. බොහෝ බැංකුවලට යන්නත් තරුණයින් බයයි. අලුත් ව්‍යවසාකයින් ලක්ෂයක් නිර්මාණය කිරීම වරදක් ද කියලා අහනවා.

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya