අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සංචාරක කටයුතු,බෞද්ධාගමික කටයුතු සඳහා මෙරටට පැමිණිමේ දී රටවල් රැසක් වීසා වලින් නිදහස් කිරීමට රජය තීරණය කරයි-ජනපති

    මාර්තු 11, 2019

    සංචාරක කටයුතු සඳහා මෙන්ම බෞද්ධාගමික කටයුතු සඳහා මෙරටට පැමිණිමේ දී රටවල් රැසක් වීසා වලින් නිදහස් කිරීමට මේ වන විට රජය තීරණය කර තිබෙන බව ජනාධිපතිතුමා පවසයි.

    ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මේ බව ප්‍රකාශ කළේ කඩුවෙල කාම්බෝජ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ අභිනව විහාර මන්දිරය විවෘත කිරීමේ පුණ්‍යෝත්සවයට   එක් වෙමිනි.

    මෙරට සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධන සඳහා සහ බෞද්ධාගමික පුනරුදයක් වෙනුවෙන් එම තීරණයට එළැඹි බව සඳහන් කළ ජනාධිපතිතුමා ලබන අප්‍රේල් මාසයේ සිට එය ක්‍රියාත්මක කෙරෙන බව ද සඳහන් කළේය.

    කාම්බෝජයේ සිට මෙරටට පැමිණිමේ දී වීසා ලබා ගැනීම පිළිබඳ මතුව ඇති ගැටලු පිළිබඳ මහා සංඝරත්නය කළ ඉල්ලීම අනුව ජනාධිපතිතුමා සඳහන් කළේ ඉදිරියේ දී සංචාරක සහ බෞද්ධාගමික කටයුතු සඳහා මෙරටට පැමිණිමේ දී කාම්බෝජය ද වීසා වලින් නිදහස් කිරීමට පියවර ගන්නා බවයි.

    ශ්‍රී ලංකාව සහ කාම්බෝජය අතර පවතින දීර්ඝකාලීන මිත්‍රත්වයට ප්‍රධාන හේතුව ථෙරවාද බෞද්ධ දර්ශනය බව මෙහිදී පෙන්වා දුන් ජනාධිපතිතුමා ථෙරවාද බෞද්ධ දර්ශනය පිළිබඳ මූලස්ථානය ලෙස ශ්‍රී ලංකාව සියලු බෞද්ධ රටවල් සමඟ සබඳතාවන් ශක්තිමත් කර ගනිමින් එහි උන්නතියට ගතහැකි සෑම පියවරක්ම ගන්නා බව ද ප්‍රකාශ කළේය.

    ථෙරවාද බෞද්ධ දර්ශනය ප්‍රචලිත කාම්බෝජයේ විස්මිත කලා කෞශල්‍යය හා ගෘහ නිර්මාණ ශිල්පය ප්‍රදර්ශනය වන පරිදි මෙම අභිනව විහාර මන්දිරය ඉදි කර තිබේ.

      කඩුවෙල, ඉහළ බෝමිරිය, ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය වෙත ගිය ජනාධිපතිතුමා පළමුව ආගමික වත්වත්වල නිරතව ආශිර්වාද ලබා ගත් අතර අනතුරුව සමරු ඵලකය නිරාවරණය කර අභිනව විහාර මන්දිරය විවෘත කළේය.

    කාම්බෝජයේ වටී ලංකා විහාරයෙහි රෝපණය කිරීම සඳහා ශ්‍රී මහා බෝධි අංකුරයක් එම විහාරාධිපති පූජ්‍ය අරියවංස නායක හිමිපාණන් වහන්සේ වෙත පිළිගැන්වීම ද ජනාධිපතිතුමා අතින් සිදු විය.

    කාම්බෝජ උප සංඝරාජ පූජ්‍ය ඔමි ලිමි හෙඞ් නායක හිමිපාණන් වහන්සේ විසින් ගරු ජනාධිපතිතුමා වෙත සමරු තිළිණයක් පිළිගැන්වූ අතර ජනාධිපතිතුමා ද උන්වහන්සේ වෙත සමරු තිළිණයක් පිළිගැන්වීය.

    විහාර මන්දිරය නිර්මාණය කිරීමට දායක වූ කාම්බෝජ ගෘහ නිර්මාණ ශිල්පියා ද ජනාධිපතිතුමා අතින් ඇගැයීමට ලක් කෙරිණි. එමෙන්ම කාම්බෝජ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ භික්ෂුන් වහන්සේලා වෙත ඇගැයීම් සහතික පිළිගැන්වීම ද ජනාධිපතිතුමා අතින් සිදු විය.

    ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහා නායක පූජ්‍ය නාපාන පේමසිරි නායක හිමිපාණන් වහන්සේ, ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ ලේඛකාධිකාරි පූජ්‍ය අත්තංගනේ සාසනරතන නායක හිමිපාණන් වහන්සේ, කාම්බෝජ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථාන විහාරාධිපති ආචාර්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත නායක ස්වාමින් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය ද, කාම්බෝජ උප සංඝරාජ පූජ්‍ය ඔමි ලිම් හෙඩි නායක හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ කාම්බෝජ ගිහි පැවිදි විශාල පිරිසක් ද, අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ඇතුළු ප්‍රදේශයේ සැදැහැවත් ජනතාව පුණ්‍යෝත්සවයට එක්ව සිටියහ.

     
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya