අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කඩුවෙල කාම්බෝජ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ අභිනව විහාර මන්දිරය විවෘත කෙරේ..

    මාර්තු 10, 2019

    කඩුවෙල, ඉහළ බෝමිරිය,කාම්බෝජ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ අභිනව විහාර මන්දිරය විවෘත කිරීමේ පුණ්‍යෝත්සවය ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (09) පස්වරුවේ පැවැත්විණි.

    ඊයේ පස්වරුවේ විහාරස්ථානය වෙත ගිය ජනාධිපතිතුමා පළමුව ආගමික වත්වත්වල නිරතව ආශිර්වාද ලබා ගත් අතර අනතුරුව සමරු ඵලකය නිරාවරණය කර අභිනව විහාර මන්දිරය විවෘත කළේය.

    කාම්බෝජයේ වටී ලංකා විහාරයෙහි රෝපණය කිරීම සඳහා ශ්‍රී මහා බෝධි අංකුරයක් එම විහාරාධිපති පූජ්‍ය අරියවංස නායක හිමිපාණන් වහන්සේ වෙත පිළිගැන්වීම ද ජනාධිපතිතුමා අතින් සිදු විය. කාම්බෝජ උප සංඝරාජ පූජ්‍ය ඔමි ලිමි හෙඩ් නායක හිමිපාණන් වහන්සේ විසින් ගරු ජනාධිපතිතුමා වෙත සමරු තිළිණයක් පිළිගැන්වූ අතර ජනාධිපතිතුමා ද උන්වහන්සේ වෙත සමරු තිළිණයක් පිළිගැන්වීය.

    විහාර මන්දිරය නිර්මාණය කිරීමට දායක වූ කාම්බෝජ ගෘහ නිර්මාණ ශිල්පියා ද ජනාධිපතිතුමා අතින් ඇගැයීමට ලක් කෙරිණි. එමෙන්ම කාම්බෝජ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ භික්ෂුන් වහන්සේලා වෙත ඇගැයීම් සහතික පිළිගැන්වීම ද ජනාධිපතිතුමා අතින් සිදු විය.

    ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහා නායක පූජ්‍ය නාපාන පේමසිිරි නායක හිමිපාණන් වහන්සේ, ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ ලේඛකාධිකාරි පූජ්‍ය අත්තංගනේ සාසනරතන නායක හිමිපාණන් වහන්සේ, කාම්බෝජ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථාන විහාරාධිපති ආචාර්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත නායක ස්වාමින් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය ද, කාම්බෝජ උප සංඝරාජ පූජ්‍ය ඔමි ලිම් හෙඩි නායක හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ කාම්බෝජ ගිහි පැවිදි විශාල පිරිසක් ද, අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ඇතු`ථ ප්‍රදේශයේ සැදැහැවත් ජනතාව පුණ්‍යෝත්සවයට එක්ව සිටියහ.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya