අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනපතිගෙන් ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමට සුබ පැතුම්

    පෙබරවාරි 23, 2019

    දකුණු අපි‍්‍රකාවට එරෙහිව එරටේ දී ම තරඟ 2 ට 0 ක් ලෙස පූර්ණ ටෙස්ට් තරගාවලි ජයග‍්‍රහණයක් වාර්තා කරමින් එවන් දස්කමක් දැක්වූ පළමු ආසියාතික රට බවට ශ‍්‍රී ලංකාව පත් කළ ශ‍්‍රී ලංකා කි‍්‍රකට් කණ්ඩායමට ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා සිය උණුසුම් සුබපැතුම් පිරිනමයි.

    ටෙස්ට් කි‍්‍රකට් ඉතිහාසයේ නව පරිච්ජේදයක් සනිටුහන් කරමින් තැබූ මෙම සුවිශේෂි සලකුණ පිළිබඳ ශ‍්‍රී ලංකා කි‍්‍රකට් කණ්ඩායමේ වත්මන් නායක දිමුත් කරුණාරත්න මහතා ඇතුළු සියලු සාමාජිකයන්ට ජනාධිපතිතුමා සිය ස්තුතිය පළ කරයි.

    එමෙන්ම නව ජවයකින් ඉදිරියට යමින් මාතෘ භූමිය වෙනුවෙන් තවත් මෙවන් සුවිශේෂ ජයග‍්‍රහණ ලබා ගැනීමට ශක්තිය, ධෛර්යය, වාසනාව ලැබේවායි ද ආශීර්වාද පළ කර සිටී.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya