අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    උමා ඔය ඉදිකිරීම් මෙම අගෝස්තු මාසය වන විට නිම කරන්නැයි ජනපතිගෙන් අදාළ අංශවලට උපදෙස්

    පෙබරවාරි 23, 2019

    උමා ඔය බහුකාර්ය ව්‍යාපෘතියේ ඉදිකිරීම් මෙම අගෝස්තු මාසය වන විට නිම කර එහි ප‍්‍රතිලාභ ජනතාවට ලබාදීමට කටයුතු කරන ලෙස ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා අදාළ අංශවලට උපදෙස් දෙයි.

    ව්‍යාපෘතියේ ඉදිකිරීම් 92‍්ර%ක් පමණ මේ වන විට අවසන්ව තිබෙන අතර ඉදිරි කටයුතු ද කඩිනමින් සම්පූර්ණ කරන ලෙස ජනාධිපතිතුමා ව්‍යාපෘතිය භාර ඉංජිනේරුවන් ඇතුළු නිලධාරින්ට අද දැනුම් දුන්නේ ය.

    ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මෙම උපදෙස් ලබා දුන්නේ උමා ඔය බහුකාර්ය ව්‍යාපෘතියේ ප‍්‍රගතිය සොයා බැලීමේ නිරික්ෂණ චාරිකාවකට  (22) එක් වෙමිනි.
    මෙරට කි‍්‍රයාත්මක විශාලතම බහුකාර්ය ව්‍යාපෘතියක් වන උමා ඔය ව්‍යාපෘතිය ස`දහා අයෝජනය කර ඇති මුදල ඇමරිකන් ඩොලර් මිලියන 535 කි.
    උමා ඔය බහුකාර්ය ව්‍යාපෘතිය යටතේ ඉදිකෙරෙන භූගත විදුලි බලාගාරයේ ඉදිකිරීම් ද මෙහිදී ජනාධිපතිතුමාගේ නිරික්ෂණයට ලක් විය. ජාතික විදුලිබල පද්ධතියට මෙගා වොට් 120ක විදුලිබල ධාරිතාවක් එක් කෙරෙන මෙම බලාගාරයේ ඉදිකිරීම් මේ වන නිම වෙමින් පවතී.

    උමා ඔය බහුකාර්ය ව්‍යාපෘතිය මගින් දකුණේ සහ නිරිතදිග වියළි කලාපයේ ඉඩම් අක්කර 5000 කට යල මහ කන්නයේ වාරි ජලය සැපයීමට සැලසුම් කර තිබේ. එමෙන්ම වැල්ලවාය, මොණරාගල පළාත්වල කුඩා වැව් 300 ක් පමණ මෙමගින් පෝෂණය කිරීමට නියමිතය.

    ජලාශයේ ප‍්‍රධාන උමගේ ඉදිකිරීම් ද අද ජනාධිපතිතුමාගේ නිරික්ෂණට ලක් විය.
    ව්‍යාපෘතිය හරහා පුහුල්පොල දී සහ ඩයරබා දී ජලාශ දෙකක් ඉදි කෙරෙන අතර එම ඉදිකිරීම් ද ජනාධිපතිතුමා නිරික්ෂණය කරනු ලැබීය.

    පාරිසරික බලපෑම් පිළිබඳ නිසි ඇගැයීම් සිදු කරමින් සහ නිරන්තර අවධානය යොමු කරමින් ව්‍යාපෘතියේ කටයුතු සිදුකෙරෙමින් පවතී.

    මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශයේ ලේකම් අනුර දිසානායක මහතා ඇතුළු නිලධාරින් ද ශ‍්‍රී ලංකාවේ ඉරාන තානාපතිවරයා ඇතුළු පිරිසක් ජනාධිපතිතුමා සමග මෙම නිරික්ෂණ චාරිකාවට එක්ව සිටියහ

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya