අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විශාලතම මත්ද්‍රව්‍ය වැටලීම කළ නිලධාරින් දිරිගන්වමින් ජනපති පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිරීක්ෂණයට

    පෙබරවාරි 25, 2019

    පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය වෙත ඊයේ(24) දහවල් ගිය ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා, මෙරට දී මෙතෙක් සොයාගත් විශාලතම විෂ මත්ද්‍රව්‍ය තොගය අත්අඩංගුවට ගැනීමට සමත් වූ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ සහ පොලිස් විශේෂ කාර්ය බලකායේ සියලු නිලධාරින්ට ප‍්‍රශංසාව පළ කළේය.

    එමෙන්ම ඔවුන්ගේ සේවය අගය කරමින් අදහස් දැක්වූ ජනාධිපතිතුමා කියා සිටියේ රටේ අනාගත දරු පරපුර වෙනුවෙන් ගෙන යන මෙම උදාර මෙහෙවර වෙනුවෙන් තම පූර්ණ සහය සහ ආශිර්වාදය සෑම අවස්ථාවකම හිමිවන බවයි.

    අත්අඩංගුවට පත් මත්ද්‍රව්‍ය තොගය ද මෙහි දී ජනාධිපතිතුමාගේ නිරික්ෂණයට ලක් විය.

    පොලිස් විශේෂ කාර්ය බලකායේ අණදෙන නිලධාරි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර්. ලතීෆ්, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සී.ඞී. වික‍්‍රමරත්න, පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ටී.ඒ.සී ධනපාල යන මහත්වරුන් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    අනතුරුව පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිරික්ෂණ චාරිකාවක නිරත වූ ජනාධිපතිතුමා පසුගිය වැටලීම්වලට අදාළ තොරතුරු ද නිරික්ෂණය කරනු ලැබීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya