අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රජයයි පුරවැසියයි දෙපැත්තකට දාන්න බෑ

    ජූලි 25, 2014
    රජයයි පුරවැසියයි දෙපැත්තකට දාන්න බැරි බවත් රජයට සිදුවන අසාධාරණයන් නිවැරැදි කිරීමට සංශෝධනයක් ගෙන එනවා යැයි කවුරුන් හෝ පවසන්නේ නම් මා එය දකින්නේ පුරවැසියා වෙනුවෙන් ගෙන එන සංශෝධනයක් ලෙස බවත් විදේශ රැකියා ප්‍රවර්ධන හා සුබසාධන අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා පැවසීය.


    අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (24) පාර්ලිමේන්තුවේදී කාලාවරෝධ සංශෝධන පනත් කෙටුම්පත දෙවන වර කියවීමේ විවාදයට එක්වෙමිනි.

     

    කාලාවරෝධය පනතට ගෙන ආ යුතු සංශෝධනවලින් එක් සංශෝධනයක් පමණයි මේ ගෙන එන්නේ.  අපේ රටේ පාර්ලිමේන්තුවේ යම් පනතක් සම්මත වූ පසු නැවත එය ශ්‍රේෂ්ඨාධිකරණය පරීක්ෂා කිරීමට ඇති හැකියාව ගැන අප සොයා බැලිය යුතුයි. සිගරැට් පැකට්වලත් රූපමය අවවාදවල 80%ක් දාන්න ඕන කියලා පාර්ලිමේන්තුවෙන් සම්මත වූ පසු එය  60% දක්වා අඩු කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණයට තීරණය කිරීමට අයිතියක් නැහැ. ඉන් සිදු වන්නේ පාර්ලිමේන්තුවේ උත්තරීතරභාවය නැතිවීම බව ඔහු පෙන්වා දුන්නේය.

     

    උතුරු නැගෙනහිර පළාත්වල ඉඩම් ගැටලුව ඇති වුණේ ත්‍රස්තවාදය නිසයි. අද මුස්ලිම් ජනතාවත් දෙමළ ජනතාවගේ ගොඩට දාලා මාවෙයි සේනාධිරාජා මහත්තයා කතා කිරීම ගැන මට හිතාගන්න බැහැ. එදා මුස්ලිම් වැසියන් පැය විසිහතරක් ඇතුළත පලවා හැරියා. මේ හැමදේම අමතක කරලා තොත්තබබාලා වගේ කතා කරනවා. මාවෙයි සේනාධිරාජා මහත්තයා එක්වරක කියනවා බැසිල් රාජපක්ෂ මහත්තයා සමඟ සාකච්ඡා කිරීමෙන් පසු ග්‍රාම සේවා වසම් 23ක ප්‍රශ්න විසඳුණා කියලා. ඊට පසුව එතුමාම ඇතැම් රටවලට අපේ රට සන්සන්දනය කරමින් චෝදනා කරනවා. මේ අයම තමයි අපේ රටට විරුද්ධව අමෙරිකානු තානාපති කාර්යාලවට ගතු කියන්නේ යැයි අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

    NDH/HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya