අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කාලාවරෝධ ආඥා පනත සංශෝධනයට

    ජූලි 25, 2014
    කාලාවරෝධ ආඥා පනත සංශෝධනය කරන්නේ රජයට  ඇතිවී තිබෙන ප්‍රශ්න මඟ හරවා ගැනීමට යැයි විපක්ෂය කරන චෝදනා ප්‍රතික්ෂේප කරන බව අධිකරණ අමාත්‍ය රවුෆ් හකීම් මහතා පවසයි.


    අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (24) පාර්ලිමේන්තුවේදී කාලාවරෝධ සංශෝධන පනත් කෙටුම්පත දෙවන වර කියවීමේ විවාදය ආරම්භ කරමිනි.

    මෙම කෙටුම්පත ඉදිරිපත් කරන්නේ 68 වන අධිකාරිය වූ කාලාවරෝධ ආඥා පනත සංශෝධනය කිරීම සඳහායි. ඉපැරැණි පනතක් වූ මේ පනතේ 15 වැනි වගන්තියට සංශෝධනයක් ගෙන ඒම මෙය ඉදිරිපත් කිරීමේ අරමුණ බව ද ඔහු කීය. 

     

    අධිකරණයේ විභාග වූ නඩු තීන්දුවලින් මතු වූ නීති සිද්ධාන්ත නිසා මේ පනතට සංශෝධනයක් ඉදිරිපත් කළ යුතු බවට නීතිපතිවරයා යෝජනාවක් කළේය. ඒ අනුව මුල් ආඥා පනතේ 15 වැනි වගන්තිය රාජ්‍ය හෝ වෛවාහක කාරණාවලට බලපෑම් නොවිය යුතු බව මේ සංශෝධනයේ විස්තර කෙරෙනවා. රාජ්‍යයේ අන්සතු කළ හැකි හෝ අන්සතු කළ නොහැකි අයිතිවාසිකම්වලට කාලාවරෝධ තත්ත්වය බලනොපෑයුතු බව මේ සංශෝධනයෙන් ප්‍රකාශ වේ. වසර 10ක කාලයක් ඉක්මගිය පසුවද රජයේ අයිතිවාසිකම්වලට හිමිකම් කීමට අයිතියක් ඇති වන්නේ නැතැයි ඔහු කීවේය.

     

    එසේම ප්‍රියානි ද සොයිසා එදිරිව රජයේ නඩු කටයුත්තේදී වෛද්‍ය නොසැලකිල්ල සම්බන්ධයෙන් දරුවකුගේ මරණයට දෙමාපියන්ට අයිතිවාසිකම් ඉදිරිපත් කළ නොහැකි තත්ත්වයකට පත්වුණා. එම නඩුවේ තීන්දුව දුන් වීරරත්න විනිසුරුවරයා මෙවැනි කාරණා පිළිබඳව අධිකරණයට නියෝග කළ නොහැකි හෙයින් ඒ පිළිබඳ ව්‍යවස්ථාදායකය අවශ්‍ය නීති සම්පාදනය කළ යුතු බවට සඳහනක් කර තිබුණා. ඒ අනුව ඉදිරිපත් වූ යෝජනා සැලකිල්ලට ගෙන දික්කසාද වන යම් නඩුවක නීති කෘත්‍යන්ට හෝ රජයේ නිලධාරියකුට එරෙහිව නඩු කටයුතු ආරම්භ කළ යුතු කාලපරිච්ඡේදය තීරණය කිරීමේදී මුල් ආඥාපනතේ 15 වැනි වගන්තිය අදාළ නොවිය යුතුයි. ඒ අනුව මෙහිදී රජයට මුක්තිය හිමි වෙනවා. නඩු තීන්දුවලින් මතු වූ නෛතික කරුණු බලගැන්වීම මෙම සංශෝධනවල අරමුණු බව අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය.


    NDH/HC

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya