අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලට 2013දී මිලියන 107ක ලාභයක්

    ජූලි 24, 2014
    රුපියල් මිලියන 119ක අලාභයක් 2012 දී ලැබූ ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහල 2013දී රුපියල් මිලියන 107ක ලාභයක් උපයාගෙන ඇති බව සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ලලිත් දිසානායක මහතා පවසයි.


    අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (24) පාර්ලිමේන්තුවේදී කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී රවී කරුණානායක මහතා විසින් වාචික පිළිතුරු අපේක්ෂාවෙන් අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු වශයෙනි.

     

    වසර 2015දී රුපියල් මිලියන 175ක ලාභයක්ද 2016දී රුපියල් මිලියන 200ක ලාභයක්ද රෝහල අපේක්ෂා කරයි. රුපියල් මිලියන 1347ක ප්‍රාග්ධන හා සංචිත අද වන විට රෝහල සතුව තිබේ. පුද්ගලයන් 1553දෙනෙකු රෝහලේ සේවය කරනු ඇතැයිද ඔහු කීය.

     

    සේවකයන් විසිදෙදෙනෙකුගේ හිඟයක් පවතින අතර එක් සේවකයකු සඳහා දළ වාර්ෂික වියදම රුපියල් හය ලක්ෂ අනූඅට දහසකි. වාර්ෂික ලාභය සේවක සංඛ්‍යාවෙන් බෙදුවිට එක් සේවකයකුට උපයන ලාභය රුපියල් 69,999ක් බවත් මේ රෝහල කෙටිකාලීන, මධ්‍ය කාලීන, දිගු කාලීන වශයෙන් කිසිදු ණයක් ලබාගෙන නොමැති බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් කීවේය.

     

    NDH/HC

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya