අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ප්‍රාදේශීය ලේකම් කාර්යාල මඟින් හිඟ විශ්‍රාම වැටුප් ගෙවීම නතර කළේ මූල්‍ය වංචා නිසා

    ජූලි 24, 2014
    හිඟ විශ්‍රාම වැටුප් ගෙවීමේදී සිදු කර ඇති රාජ්‍ය මුල්‍ය වංචාකිරීම් හා අක්‍රමිකතා විශාල වශයෙන් වාර්තාවීම නිසා එම තත්ත්වය පාලනය කිරීමට මූලික පියවරක් වශයෙන් ප්‍රාදේශීය ලේකම් කාර්යාල මඟින් හිඟ විශ්‍රාම වැටුප් ගෙවීම නතර කිරීමට උපදෙස් දුන් බව රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍ය ඩබ්ලිව්.ඩී.ජේ. සෙනෙවිරත්න මහතා පවසයි.


    අමාත්‍යවරයා එසේ පැවසුවේ පත්කළ මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා අද (24) පාර්ලිමේන්තුවේදී ස්ථාවර නියෝග 23(2) යටතේ අසා තිබූ ප්‍රශ්නයට පිළිතුරු ලබා දෙමිනි.


    මේ නිසා විශ්‍රාම වැටුප් දත්ත පද්ධතිය සම්පූර්ණයෙන් පරීක්ෂා කිරීම සඳහා පියවර ගෙන ඇත. හිඟ ගෙවීම් ඊළඟ මාස‍යේ විශ්‍රාම වැටුප සමඟ ගෙවීමට කටයුතු යොදා ඇති බවත් ඔහු සඳහන් කළේය.

     

    පසුගිය කාලයේ සිදු වූ විශ්‍රාම වැටුප් මූල්‍ය වංචා සෙවීමට ක්‍රියාත්මක වැඩපිළිවෙළ නිසා රජයට අහිමිවන කෝටි ගණනක මුදලක් ඉතුරු කර ගැනීමට හැකි වුණි. මේ වංචා සම්බන්ධයෙන් විමර්ශන ගණානවක් පැවැත්වෙන අතර මූල්‍ය වංචා හැකිතාක් අවම කරගෙන එම මුදල් විශ්‍රාමික ප්‍රජාවගේ හඳුනාගත් ගැටලු සහ සුබසාධන කටයුතු වෙනුවෙන් යෙදවීම රජයේ අපේක්ෂාවයි. පසුගිය දිනවල අනාවරණය කර ගත් විශ්‍රාම වැටුප් වංචා කිහිපයක් සභාවට හෙළිදරව් කළ අමාත්‍යවරයා ලංකා බැංකුවේ පමණක් විශ්‍රාමික ගිණුම් 3000ක පමණ ගෙවීම් පිළිබඳව සැක මතුවී තිබෙන හෙයින් ඒ පිළිබඳ පරීක්ෂණ ආරම්භ කර ඇති බවත් පැවසීය.


    මෙතෙක් ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට හිඟ විශ්‍රාම වැටුප් හා පාරිතෝෂික ගෙවීමට දී තිබූ බලය අත්හිටවූ බවත් සියලු හිඟ මුදල් ගෙවීම විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයෙන් පමණක් සිදු කිරීමට උපදෙස් ලබාදී ඇති බව ඔහු පෙන්වා දුන්නේය. එමඟින් මූල්‍ය වංචා අක්‍රමිතාවලින් තොරව රාජ්‍ය මුදල් නිසිපරිදි කළමනාකරණය කිරීමටත්, එමඟින් භාණ්ඩාගාරයට මුදල් නිදහස් කිරීමේදී ඇති වන පීඩනය අවම කිරීමට සහය ලබාදෙන බවත් ඔහු කීය.


    ඇස්තමේන්තු කර ඇති පරිදි මාසිකව හිඟ ගෙවීම් වශයෙන් රුපියල් මිලියන 300ක පමණක් සාමාන්‍යයෙන් විශ්‍රාමිකයන් 2500කට බෙදී යයි. එම හිඟ ගෙවීම් ප්‍රමාදයකින් තොරව ලබාදීමට පියවර ගනු ඇත. හිඟ තිබෙන විශ්‍රාම වැටුප් පාරිතෝෂික අඛණ්ඩව ගෙවන අතර නියමිත දිනයේදී මාසික විශ්‍රාම වැටුප් ගෙවීමට භාණ්ඩාගාරය අවශ්‍ය අරමුදල් සම්පාදනය කරන බවත් විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව විසින් විවිධ චක්‍රලේඛ නිකුත් කරනු ලබන්නේ විශ්‍රාමිකයන් අපහසුවට පත්කිරීම, නිවැරැදි විශ්‍රාමිකයාට නිවැරැදි විශ්‍රාම වැටුප නියමිත දිනයට ගෙවීමටත් මූල්‍ය වංචා හා අක්‍රමිකතා වළක්වා නිසි මූල්‍ය කළමනාකරණයක් සහිතව විශ්‍රාම වැටුප් ගෙවීම පිණිස බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.  


    NDH/HC

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya