අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී සුදර්ශනාරාම විහාරස්ථානයේ චෛත්‍යයේ කොත ජනපති අතින් නිරාවරණය කෙරේ

    ජූලි 24, 2014

    අනුරාධපුර, එප්පාවල, කැලේ සියඹලාව, ශ්‍රී සුදර්ශනාරාම පිරිවෙන් විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිකරන ලද චෛත්‍ය රාජයාණන් වහන්සේගේ කොත නිරාවරණය කිරීමේ පු‍ණ්‍යෝත්සවය ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (24) පස්වරුවේ සිදු කෙරිණි.


    එහි ගිය ජනාධිපතිතුමා පළමුව ආගමික වතාවත්වල නිරත විය.

     

    අනතුරුව ආනන්ද්‍යෝදය මහා පිරිවෙන් කෘත්‍යාධිකාරී පූජ්‍ය ජයන්තිපුර ආනන්ද හිමිපාණන් වහන්සේ සහ කැලේ සියඹලාව ශ්‍රී සුදර්ශනාරාම පිරිවෙන් විහාරස්ථානයේ පරිවෙනාධිපති පූජ්‍ය කැලේ සියඹලාවේ නන්ද නායක ස්වාමීන් වහන්සේ බැහැදැක උන්වහන්සේලාගේ සුවදුක් විමසීය. 


    ඉන් පසු ජනාධිපතිතුමා විසින් අභිනවයෙන් ඉදිකළ චෛත්‍ය රාජයාණන් වහන්සේගේ කොත නිරාවරණය කරන ලදී.
     

    අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම සිරිනිවාස නායක හිමිපාණන් වහන්සේ, රුවන්වැලි විහාරාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන ස්වාමීන් වහන්සේ, මහාචාර්ය පූජ්‍ය තුඹුල්ලේ සීලක්ඛන්ද හිමිපාණන් වහන්සේ, පූජ්‍ය නුගේතැන්නේ පඤ්ඤානන්ද නායක හිමිපාණන් වහන්සේ ප්‍රධාන මහා සංඝරත්නය ද අමාත්‍යවරුන් වන තිස්ස කරල්ලියද්ද, එස්.එම්. චන්ද්‍රසේන, උතුරු මැද පළාත් ආණ්ඩුකාර කරුණාරත්න දිවුල්ගනේ, ප්‍රධාන අමාත්‍ය රංජිත් සමරකෝන්, නියෝජ්‍ය අමාත්‍යවරුන් වන ඩබ්.බී. ඒකනායක, වීර කුමාර දිසානායක, බී. මුතුකුමාරණ යන මහත්වරු ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.

    NDH/pmu_pix by Nishanka de Silva

    02 1

     

     

    03 1

     

    05

     

    12

     

    08

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya