අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අපනයන කලාප 04ක් පිහිටුවා සහල් ටොන් දෙලක්ෂයක් පිටරට යැවීමේ ඉලක්කයක්

    ජූලි 24, 2014

    2014 වර්ෂයේදී සහල් මෙට්රික් ටොන් ලක්ෂ 02ක් අපනයනය කිරීම සඳහා දකුණ, නැගෙනහිර, උතුරු මැද හා උතුර යන පළාත්වල සහල් අපනයන කලාප 04ක් පිහිටුවීමට යෝජනා කර ඇති බව අද (24) පාර්ලිමේන්තුවේදී සභාගත කරන ලද පිළිතුරක සඳහන් වේ.


    මේ බව සඳහන් වන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී පී. හැරිසන් මහතා විසින් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද යාපා අබේවර්ධන මහතාගෙන් අසන ලද වාචික පිළිතුරු අපේක්ෂිත ප්‍රශ්නයකට ලබා දුන් පිළිතුරකයි.

     

    ඉහත සඳහන් කලාප ආශ්‍රිතව රජය හෝ බදු සහන යටතේ වී මෝල් ඉදිකර නැත. සහල් අපනයන කලාප ආශ්‍රිතව සහල් ඇති නිසා සමාගම් විසින් ඒ ඒ මත පුද්ගලික වී මෝල් සවි කිරීමට අපේක්ෂිතයි. පවතින වී මෝල් ද භාවිත කරනු ඇත.

     

    දකුණු පළාතේ හම්බන්තොට, සූරියවැව ද නැගෙනහිර පළාතේ නින්දවූර්, අඩ්ඩාලච්චේන, සමන්තුරෙයි, පොතුවිල් හා කල්මුණේ වී මෝල් ඉදි කෙරේ. උතුරු මැද පළාතේ තලාව, මැදවච්චිය, රඹෑව, තඹුත්තේගම හා දඹුල්ලත් උතුරු පළාතේ මන්නාරමේත් මේ වී මෝල් ස්ථාපිත කර ඇත.

     

    දකුණ, නැගෙනහිර හා උතුරුමැද යන පළාත්වල පිළිවෙළින් වාර්ෂිකව සහල් මෙට්රික් ටොන් 480, මෙට්රික් ටොන් 60,000 හා මෙට්රික් ටොන් 60ක් ලෙස සහල් අපනයනය කිරීමට අපේක්ෂිතයි. උතුරු පළාතේ තවමත් අපනයනය සඳහා නිෂ්පාදන කටයුතු අරඹා නැති බව ද එම පිළිතුරෙහි සඳහන් වේ.

     

    NDH/HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya