නොවැම්බර් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පොළොන්නරුව දිය මං පාලමේ ඉදිකිරීම් ජනපතිගේ නිරීක්ෂණයට

    දෙසැම්බර් 09, 2018

    පොළොන්නරුව ගිනිපෙට්ටි පාලමට සමාන්තරව ඉදිකෙරෙන නව දිය මං පාලමේ ඉදිකිරීම් කටයුතු ඊයේ(08) ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ නිරීක්ෂණයට ලක් විය.

    පොළොන්නරුව විජයබාපුර ප්‍රදේශයේ පිහිටි මෙම පාලම පරාක්‍රම සමුද්‍රයෙන් ගොවිබිම් වෙත ජලය ගෙන යන එකේ ඇළට අයත් වෙයි. ''පිබිදෙමු පොළොන්නරුව'' වැඩසටහන යටතේ දිගුකාලීන පියවරක් ලෙස මෙම පාලම ඉදිකෙරෙන අතර වැය කෙරෙන මුදල රුපියල් ලක්ෂ 2500 කි. මෙයින් කුඹුරු අක්කර 18,000 කට ජලය සැපයීමට නියමිතය.

    පසුගිය සැප්තැම්බර් මාසයේ දී පාලමේ ඉදිකිරීම් කටයුතු ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරිණි. ජනාධිපතිතුමා පාලමේ ඉදිකිරීම් කටයුතු පිළිබද සොයා බැලු අතර අදාළ ඉංජිනේරුවන්ට උපදෙස් දුන්නේ ඉදිකිරීම් කඩිනම් කර එහි ප්‍රතිලාභ ගොවි ජනතාවට ලබා දීමට කටයුතු කරන ලෙසයි.

    ( ඡායාරූප : සඳරුවන් අමරසිංහ - ජනාධිපති මාධ්‍ය අංශය )

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya