අප්‍රේල් 16, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනපති කිලිනොච්චිය, ශාන්තිකුලම් ප්‍රදේශයේ නිරීක්ෂණ චාරිකාවක ...

    දෙසැම්බර් 08, 2018

    ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඊයේ  (07) පෙරවරුවේ කිලිනොච්චිය, ශාන්තිකුලම් ප්‍රදේශයේ  නිරික්ෂණ චාරිකාවක නිරත විය. 

    ජනාධිපතිතුමාගේ පැමිණීම සැලවීමෙන් ප්‍රදේශවාසී ජනතාව විශාල පිරිසක් එම ස්ථානයට රැස්ව සිටී අතර ඔවුන් මහත් ගෞරවයෙන් යුතුව ජනාධිපතිතුමාව පිළිගනු ලැබීය.

     එම ජනතාවගේ තොරතුරු විමසූ ජනාධිපතිතුමා ඔවුන් සමග සුහද කථා බහක නිරතවීමට ද අමතක නොකළ අතර, තම දීර්ඝකාලීන සංවර්ධන ගැටලූ විසදා දෙමින් තම දරුවන්ගේ අනාගතය පිළිබ`ද සුබ සිහින දැකිය හැකි සංවර්ධනයක් උදාකර දීම පිළිබද ඕව්හු අනේකවාරයක් ජනාධිපතිතුමා වෙත ස්තූතිය පළ කළහ.

    එමෙන්ම ප්‍රදේශයේ තවත් සංවර්ධන ගැටලූ කිහිපයක් ද ජනාධිපතිතුමා වෙත ඉදිරිපත් කළ අතර ශාන්තිකුලම් විද්‍යාලයේ අඩු පාඩු කිහිපයක් පිළිබදව එහි විදුහල්පතිවරයා ජනාධිපතිතුමා දැනුවත් කළේය.

     එම ගැටලූ පිළිබද කඩිනම්න් සොයා බලා විස`දුම් ලබාදීමට කටයුතු කරන ලෙස  ජනාධිපතිතුමා උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතා වෙත උපදෙස් ලබා දුන්නේ ය.

     ( ඡායාරූප : ජනාධිපති මාධ්‍ය අංශය )

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya