අප්‍රේල් 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මොරගහකන්ද ජලාශයේ වාන් දොරටු හෙට විවෘත කෙරේ

    නොවැම්බර් 29, 2018

    දශක හතරකට පසු මෙරට ඉදි වූ විශාලතම බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය වන මොරගහකන්ද – කළුගඟ ජලාශ ව්‍යාපෘතියේ මොරගහකන්ද ජලාශය මේ වන විට පිටාර මට්ටමට ළඟා වී ඇති අතර, එහි වාන් දොරටු හෙට පෙරවරුවේ විවෘත කිරීමට නියමිතව තිබේ.

    ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා ද මෙම අවස්ථාවට එක්වෙමින් හෙට පෙරවරුවේ මොරගහකන්ද ජලාශ ව්‍යාපෘති පරිශ‍්‍රයේ නිරික්ෂණ චාරිකාවක නිරතවීමට නියමිතය.

    රජරට ජනතාව වෙනුවෙන් ජනාධිපතිතුමා දුටු දීර්ඝකාලීන සිහිනයක් සහ කඩිනම් මහවැලි යෝජනා ක‍්‍රමය යටතේ මෙරට ඉදි කෙරුණු අවසන් වාරි යෝජනා ක‍්‍රමය වන මොරගහකන්ද ජලාශ ව්‍යාපෘතියේ ඉදිකිරීම් ආරම්භ කෙරුණේ 2007 වසරේදී ය.

    ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ මඟපෙන්වීමෙන් 2015 වසරේ සිට ව්‍යාපෘතියේ කටයුතු නව ජවයකින් ඉදිරියට කි‍්‍රයාත්මක කෙරුණු අතර, කොන්ක‍්‍රීටි වේල්ලක්, පස් වේල්ලක් සහ කළුගල් පිරවූ වේලි තුනක් සහිතව මෙරට ඇති එකම ජලාශය ද මෙය වෙයි.

    විසි එක්වන සියවසේ මහා වාරි විස්මිතය ලෙසින් හදුන්වන මොරගහකන්ද ජලාශ ව්‍යාපෘතියේ මොරගහකන්ද ජලාශයේ සමස්ත ජල ධාරිතාව අක්කර අඩි 4,60,000 කි. එය පරාක‍්‍රම සමුද්‍රය මෙන් සිව් ගුණයකට ආසන්න අතර, ඉන් කුඹුරු අක්කර 82,000 ක් අස්වැද්දීමට නියමිතය. මෙම ව්‍යාපෘතිය යටතේ උතුරු මැද, වයඹ සහ නැගෙනහිර පළාත් ආවරණය කරමින් ලොකු කුඩා වැව් 2000 කට පමණ දියවර සැපයෙන අතර උතුරු මැද පළාතේ වැව් 1600 කට සහ වයඹ පළාතේ වැව් 303 කට ජලය නිකුත් කෙරේ. ඒ අනුව එම පළාත්වල අක්කර ලක්ෂ 03 ක් අස්වද්දා පවුල් ලක්ෂ 15 කට සෙත සැලසෙන අතර පවුල් ලක්ෂ 03 කට පිරිසිදු පානීය ජලය සැපයේ.

    මොරගහකන්ද ජලාශය මඟින් විදුලිය නිපදවීම සිදුවන අතර, ජලාශයේ විදුලි බලාගාරයේ ජනන යන්ත‍්‍ර තුනෙන් වාර්ෂිකව ජාතික විදුලි බල පද්ධතියට එක්වන විදුලි ප‍්‍රමාණය මෙගාවොට් 25කි. මෙමගින් වාර්ෂිකව ඉතිරි කෙරෙන ඉන්ධන පිරිවැය රුපියල් මිලියන 336 කි. ජලාශයේ අපේ්ක්ෂිත මිරිදිය මත්ස්‍ය නිෂ්පාදන ධාරිතාව වාර්ෂිකව ටොන් තුන් දහසක් වන අතර එමඟින් අපේක්ෂිත වාර්ෂික ආදායම රුපියල් මිලියන 225 කි. පළාත් තුනක වෙසෙන දහස් ගණනක ගොවි පවුල් සඳහා ඝෘජු ආර්ථික වටිනාකමක් සැලසෙන මොරගහකන්ද කළුගඟ වාරි ව්‍යාපෘතිය මඟින් මුළු මහත් ජාතියටම හිමිවන ප‍්‍රතිලාභ අතිමහත් ය.

    මොරගහකන්ද ජලාශයේ රන්දියවර මුදා හැරීම පසුගිය ජනවාරි 08 වනදා ජනාධිපතිතුමා අතින් සිදු වූ අතර ඉතා කෙටිකලකින් ජලාශය පිටාර මට්ටමට පැමිණීමත් සමග එහි වාන් දොරටු විවෘත කරන පළමු අවස්ථාව මෙයයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya