අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලංකා සංඥා බලකායේ 75 වන සංවත්සරය- ජාත්‍යන්තර සමුථවේ සහ තොරතුරු තාක්ෂණ ප්‍රදර්ශනයේ සමාරම්භක අවස්ථාව ජනපති ප්‍රධානත්වයෙන් ...

    නොවැම්බර් 28, 2018

    ශ්‍රී ලංකා යුද හමුදා සංඥා බලකායේ 75 වන සංවත්සරයට සමගාමීව පැවැත්වෙන ජාත්‍යන්තර සමුථවේ සහ තොරතුරු තාක්ෂණ ප්‍රදර්ශනයේ සමාරම්භක අවස්ථාව ජනාධිපති ගරු මෛත්‍රීපාල  සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (28) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්විණි.

    ''සයිබර් අවකාශය තුළ සදාතන යුධ පෙරමුණ'' තේමාව යටතේ මෙම ජාත්‍යන්තර සමුථව තොරතුරු සන්නිවේදන තාක්ෂණ ප්‍රදර්ශනයක් සමගින් නොවැම්බර් 28 සහ 29 දෙදින කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී උත්කර්ෂවත්ව පැවැත් වේ.

     ශ්‍රී ලංකා යුද හමුදාව සතු පැරණිතම රෙජිමේන්තුවලින් එකක් වන සංඥා බලකාය මේ වන විට සංඥා බලකාය, සංයුක්ත සංඥා රෙජිමේන්තු හතක්, ෂඔ රෙජිමේන්තු දෙකක්, එක් අථත්වැඩියා හා නඩත්තු රෙජිමේන්තුවක්, සයිබර් ආරක්ෂක රෙජිමේන්තුවක්, එක් ඉලෙක්ට්‍රෝනික යුධෝපකරණ බලඝණයක් සහ සංඥා පුහුණු පාසලක් සමගින් ඉතා ශක්තිමත් සංවිධානයක් ලෙස ක්‍රියාත්මක වේ.

     එහි 75 වන සංවත්සරයට සමගාමීව පැවැත්වෙන මෙම ජාත්‍යන්තර සම්මන්ත්‍රණය සහ ප්‍රදර්ශනය සදහා එංගලන්තය, රුසියාව, චීනය, ඉන්දියාව, පකිස්තානය සහ බංගලාදේශය යන රටවල් නියෝජනය කරමින් හමුදා සහ හමුදා නොවන අන්තරජාතික තොරතුරු තාක්ෂණවේදින් විශාල පිරිසක් එක්ව සිටි. තොරතුරු තාක්ෂණ ප්‍රදර්ශනය විවෘත කළ ජනාධිපතිතුමා එය නැරඹීමට ද එක් විය.

     සේනාධිනායක, ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ සම්ප්‍රාප්තිය වෙනුවෙන් යුද හමුදාපති ලූතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතා විසින් මෙහිදී ජනාධිපතිතුමා වෙත විශේෂ සිහිවටන තිළිණයක් ද පිළිගැන්වීය.ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා සහ ත්‍රිවිධ හමුදාපතිවරුන්, පොලිස්පති අතුථ ආරක්ෂක අංශ ප්‍රධානිහු මෙම අවස්ථාවට එක්ව සිටියහ. 

     

    ( ඡායාරූප : සුදත් සිල්වා )

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya