අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අන්තර්ජාතික ථෙරවාදී බෞද්ධ විශ්වවිද්‍යාල සංගමයේ පස් වන ජාත්‍යන්තර සමුථව ජනපති ප්‍රධානත්වයෙන් කොළඹ දී ඇරඹේ ...

    නොවැම්බර් 27, 2018

    අන්තර්ජාතික ථෙරවාදී බෞද්ධ විශ්වවිද්‍යාල සංගමයේ පස් වන ජාත්‍යන්තර සමුථවේ සමාරම්භක අවස්ථාව ජනාධිපති ගරු  මෛත්‍රීපාල සිරිසේන  මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (27) පෙරවරුවේ කොළඹ දී පැවැත්විණි.

    ථෙරවාදී බෞද්ධ රටවල් අතර ආගමික හා සංස්කෘතික සබදතා තවදුරටත් ශක්තිමත් කිරීමේ අරමුණින් අන්තර්ජාතික ථෙරවාදී බෞද්ධ විශ්වවිද්‍යාල සංගමය දෙවසරකට වරක් පවත්වන සමුථවේ මෙවර සත්කාරකත්වය දරන්නේ ශ්‍රී ලංකාවයි. 

     කාලීන වශයෙන් ථෙරවාදී බෞද්ධ දර්ශනයට එල්ල වන අභියෝග සදහා වඩාත් ශක්තිමත් විසදුම් සෙවීම සදහා මෙම සමුථව ඉතා වැදගත් වන අතර  නවීන ලෝකයට ගැළපෙන පරිදි ථෙරවාදී බෞද්ධ දර්ශනය සමාජගත කිරීම මෙන්ම ථෙරවාදි බෞද්ධ අධ්‍යාපන ක්ෂේත්‍රයේ පර්යේෂණ ප්‍රවර්ධනය කිරීම ද එහි තවත් අරමුණකි.

     ථෙරවාදි බුදු දහම ව්‍යාප්තව ඇති රටවල් දහයක භික්ෂුන් වහන්සේලා සහ විද්වතුන් මෙම සමු`ථවට එක්ව සිටින අතර, සිතගු විශ්වවිද්‍යාලයේ කුලපති සහ මියන්මාරයේ සුජින් නිකායේ අනු සංඝනායක පූජ්‍ය අශීන් ඥාණිස්සර හිමිපාණන් වහන්සේ වෙත මෙහි දී ජනාධිපතිතුමා විශේෂ සිහිවටන තිළිණයක් පිළිගැන්වූ අතර උන්වහන්සේ ද ජනාධිපතිතුමා වෙත බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් පිළිගැන්වීය.

    අස්ගිරි මහා නිකායේ මහා නායක පූජ්‍ය වරකාගොඩ ඥානරතන නායක හිමිපාණන් වහන්සේ, මල්වතු මහා නිකායේ අනුනායක ආචාර්ය පූජ්‍ය නියංගොඩ විජිතසිරි අනුනායක ස්වාමින් වහන්සේ, රාමඤ්ඤ මහා නිකායේ මහා නායක පූජ්‍ය නාපාන පේමසිරි මහා නායක ස්වාමින් වහන්සේ, කෝට්ටේ පාර්ශ්වයේ මහානායක ආචාර්ය පූජ්‍ය ඉත්තෑපානේ ධම්මාලංකාර මහා නායක ස්වාමින් වහන්සේ, අමරපුර නිකායේ මහානායක අග්ගමහා පණ්ඩිත පූජ්‍ය කොටුගොඩ ධම්මාවාස මහා නායක හිමිපාණන් වහන්සේ, ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය පූජ්‍ය ගල්ලෑල්ලේ සුමනසිරි නායක ස්වාමින් වහන්සේ, ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලයේ උපකුලපති පූජ්‍ය කනත්තෙගොඩ සද්ධාරතන හිමිපාණන් වහන්සේ, ජාත්‍යන්තර ථෙරවාදී බෞද්ධ සංගමයේ විධායක ලේකම් කම්මායි ධම්මස්සංමි හිමිපාණන් වහන්සේ ඇතු`ථ දෙස් විදෙස් ගිහි පැවිදි පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

     ( ඡායාරූප : චන්දන පෙරේරා - ජනාධිපති මාධ්‍ය අංශය )

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya