මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    “PMB Rice” පළමු ඇසුරුම ජනපතිට පිළිගන්වයි.

    නොවැම්බර් 30, 2018

    වී අලෙවි මණ්ඩලය “PMB Rice”   වෙළෙද නාමය යටතේ සකස් කරන ලද සහල් නිල වශයෙන් වෙළෙ`දපොළට නිකුත් කිරීම ආරම්භ කරමින් එහි පළමු ඇසුරුම ජනාධිපති ගරු  මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා වෙත පිළිගැන්වීම   (29) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු විය.

    වී අළෙවි මණ්ඩලය ගොවි ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීමේ අරමුණින් සහතික මිලට වී මිල දී ගැනීම සිදු කරන අතර, එය රට පුරා දිස්ති්‍රක්ක 19 ක  ගබඩා 220 ක දී සිදු කෙරේ. මෙසේ මිල දී ගන්නා වී තොග ඉහළ ප්‍රමිතියකින් යුත් සහල් බවට පත් කර රට පුරා පාරිභෝගික ජනතාව අතරට පත්කිරීමට ජනාධිපතිතුමා ලබාදුන් උපදෙස් පරිදි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ම`ගපෙන්වීමෙන් වැඩසටහන කි්‍රයාත්මක කෙරිණි.

    වී අලෙවි මණ්ඩලය සහල් වෙළෙදපොළට අවතීර්ණ වන පළමු අවස්ථාව මෙය වන අතර ,සියයට සියයක්ම දේශීයයි, යන තේමාව යටතේ නිකුත් කෙරෙන මෙකි සහල් සැකසීම වෙළෙ`දපොළේ ඇති සහල් මිල පාලනය ස`දහා ගත් පියවරක් මෙන්ම පාරිභෝගිකයන් හට සහන මිලක් යටතේ හො`දම සහල් මිල දී ගැනීමට මෙන්ම ගොවි ජනතාවගේ වී ස`දහා හො`ද මිලක් ලබාදීමේ අවස්ථාවකි.

    ඉදිරියේ දී කෘෂිකර්ම අමාත්‍යාංශය යටතේ පවතින ආයතන සහ සුබසාධන සංගම් ම`ගින් පාරිභෝගික ජනතාව අතට  “PMB Rice”  සහල් ලබාදීමට බලාපොරොත්තු වන අතර, එසේම රට තුළ සහල් අවශ්‍යතාවය අනුව පාරිභෝගිකයාට සාධාරණ මිලකට වෙළෙදපොළට ද නිකුත් කිරීමට අපේක්ෂිතය. 

    කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සහ කෘෂිකර්ම අමා්‍යාංශයේ සහ වී අළෙවි මණ්ඩලයේ නිලධාරින් මෙම අවස්ථාවට එක්ව සිටියහ. 

    ( ඡායාරූප : කපිල ආරියවංශ - ජනාධිපති මාධ්‍ය අංශය )

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya