අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ගණපූර්ණය නැතිව පාර්ලිමේන්තුව කල් තබයි

    ජූලි 23, 2014

    අද (23) පාර්ලිමේන්තුවේ විවාදයට ගනිමින් තිබූ සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව පිළිබඳ විවාදය සඳහා සභාවේ ගණපූරණය නොමැති වීම නිසා නියෝජ්‍ය කතානායක චන්දිම වීරක්කොඩි මහතා සභාව හෙට පස්වරු 1.00 දක්වා කල් තබන ලදී.


    පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ අමාත්‍ය සුමේධා ජී. ජයසේන මහත්මිය සභාව අමතමින් සිටිය දී සභාවේ ගණපූර්ණය නොමැති බව විපක්ෂයේ මන්ත්‍රීවරු පෙන්වා දුන්හ.


    ස්ථාවර නියෝග අංක 10 අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 73 වන ව්‍යවස්ථාව ප්‍රකාරව මූලාසනාරූඪ මන්ත්‍රී ද ඇතුළු ව සභාවේ ගණපූරණය මන්ත්‍රීන් 20 දෙනෙකුගෙන් සමන්විත විය යුතුය. ගණපූරණය නොමැති බවට කතානායකතුමාගේ හෝ මූලාසනාරූඪ අන්කිසි මන්ත්‍රීවරයෙකුගේ අවධානය යොමුකරනු ලැබූ විට බෙදුම් සීනුව නාද කිරීමට එතුමා අණ කළ යුතු ය. බෙදුම් සීනුව නාද කිරීම පටන් ගෙන විනාඩි පහක් ගත වූ පසු ගණපූරණයක් නොමැති නම් එතුමා ප්‍රශ්නය නොවිමසා පාර්ලිමේන්තුව කල් තැබිය යුතුය.


    ඒ අනුව මන්ත්‍රීවරුන් කැඳවීමේ සීනුව විනාඩි පහක් නාද කිරීමෙන් අනතුරුව ද සභා ගර්භයට පැමිණ සිටියේ මන්ත්‍රීවරුන් 17 දෙනෙකු පමණි. එමනිසා නියෝජ්‍ය කතානායක චන්දිම වීරක්කොඩි මහතා අද පස්වරු 5.37ට පමණ ප්‍රශ්නය නොවිමසා සභාව හෙට පස්වරු 1.00 දක්වා කල්තබනු ලැබීය.


    අද සභාව කල්තබන අවස්ථාවේ යෝජනාව පිළිබඳ විවාදය සඳහා යෝජනාව ඉදිරිපත් කරන ලද්දේ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී ශාන්ත බණ්ඩාර මහතා විසිනි. පස්වරු 2.10 ආරම්භ වූ විවාදය අද න්‍යාය පත්‍රය අනුව පස්වරු 6.30 දක්වා පැවැත්වීමට නියමිතව තිබුණි.


    1980 ජූලි මහා වැඩවර්ජනය එවකට පැවති එක්සත් ජාතික පක්ෂ රජය කෘර ලෙස මර්දනය කළ ආකාරය ශ්‍රී ලංකා රාජ්‍ය සේවා ඉතිහාසයේ සිදු වු අපකීර්තිමත් ම සිදුවීම ලෙස හඳුනා ගතිමු. “වර්ජකයින් සටන් භූමියෙන් සුසාන භූමියට යැවීමට පසුබට නොවෙමු“යි ප්‍රසිද්ධියේ කටමැත දෙඩූ එවකට සිටි නායකයින් ගේ මර්දනය හමුවේ ඝාතනය වූ රැකියා අහිමි වූ, පවුල් ජීවිත කඩාකප්පල් වූ ලක්ෂ සංඛ්‍යාත ශ්‍රී ලාංකික රාජ්‍ය සේවයේ පිරිස් වෙත මෙම සභාවේ කනගාටුවද, ගෞරවය  පිරිනමමු. යනුවෙන් ශාන්ත බණ්ඩාර මහතා යෝජනාව ඉදිරිපත් කරන ලදී.


    HC/NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya