අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඉලක්කම් හතරේ වැටුප ඉලක්කම් පහට ගෙනාවේ මේ රජයයි

    ජූලි 23, 2014
    ඉලක්කම් හතරේ වැටුප ඉලක්කම් 5ට ගෙනාවේ මේ රජය බවත් රජයේ සේවකයා සිටින්නේ රජය සමඟ බවත් විදේශ රැකියා ප්‍රවර්ධන හා සුබසාධන අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා පවසයි.

    අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (23) පාර්ලිමේන්තුවේදී සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව පිළිබඳ විවාදයට එක්වෙමිනි. 

     

    ජවිපෙ 80 වැඩවර්ජනයට සහය දුන්නේ නැහැ. මේ වැඩවර්ජනය අපට හොඳින් දැනෙනවා. අද ජේවීපීය එදා තත්ත්වය අදට ගළපා එජාපයට සුදු හුණු ගානවා. අද වැඩවර්ජන කීයක් සංවිධානය කළාද? නමුත් ඒ සියල්ල අසාර්ථක බව ඔහු පෙන්වා දුන්නේය.

     

    තැපැල් ඡන්දයෙන් දිනුවේ රජයයි. 80 වැඩවර්ජනය 83 ජූලිය මේවාට සමාව ගත යුතුයි. 83 කළු ජූලිය සැලසුම් කළේ එජාප රජයයි. දෙමළ මන්ත්‍රීවරුන්ට එදා මැරුණු අහිංසක දෙමළ ජනතාව අමතකයි. හැමදාම ජූලි වර්ජකයන් මතක් කළ යුතුයි. එදා රජයේ සේවකයන් ලක්ෂ ගණනින් දොට්ට දැම්මා. කොටි නොවන දෙමළ ජනතාව කොටින්ගේ ඔඩොක්කුවට දැමුවේ 83 කළු ජූලිය බව ද ඔහු සඳහන් කළේය.

    NDH/HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya