අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජූලි වර්ජකයන් සේවයෙන් නෙරපූ දිනය කළු පැල්ලමක් ඉතිහාසයට එක් කළ දිනයක්

    ජූලි 23, 2014
    ජූලි වර්ජකයන් රාජ්‍ය සේවයෙන් නෙරපූ දිනය කළු පැල්ලමක් ඉතිහාසයට එක් කළ දිනයක් බවත් එය ඛේදජනක යුගයක ආරම්භයක් බවත් රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ටී. රංජිත් ද සොයිසා මහතා පැවසීය.

    පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ මේ බව පැවසුවේ අද (23) පාර්ලිමේන්තුවේදී සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව පිළිබඳ විවාදයට එක්වෙමින් එම යෝජනාව ස්ථිර කරමිනි.

     

    මේ අය ඉල්ලුවේ රුපියල් 10ක වැටුප් වැඩිවීමක් පමණයි.  ජේ.ආර්. රජය මේ ඉල්ලීම් කුඩු පට්ටම් කරමින් සේවකයන් 144,000ක් සේවයෙන් පහ කළා. ජීවන වියදමට පිළියමක් ලෙස ඔවුන් මේ වැඩවර්ජනය කළා. කෙටි කාලයක් තුළ එජාපය දේශපාලන හිතවතුන්ගෙන් මේ පුරප්පාඩු ටික පිරෙව්වා. රට බෙදීම නිර්මාණය කළේ එජාපයේ කළු ජූලිය බව ඔහු පෙන්වා දුන්නේය.

     

    උපාධිධාරීන් වෙනුවෙන් සාධාරණ ඉල්ලීම් දෙන්න රටේ නායකයා ලෙස ජනාධිපතිතුමා කටයුතු කරනවා. ආගම්, ජාතීන් අතර සහජීවනය ගැන පක්ෂ මොන දේ කිව්වත් රට බෙදීයාමේ මාර්ගය පෙන්නුවේ එදා එජාපය බව ද මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසීය.

     

    NDH/HC
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya