අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජූලි වර්ජකයන්ට සැලකුවේ මේ රජයයි

    ජූලි 23, 2014
    94දී බලයට පැමිණි පොදු පෙරමුණු රජය වැඩවර්ජකයන් සේවයට ගන්නත් වයස අවුරුදු 60ට වැඩි අය විශ්‍රාම ගන්වන්න කටයුතු කළ බවත් එජාපය අද මඩ ගහන්න කටයුතු කළත් ජූලි වර්ජකයන්ට සැලකුවේ මේ රජය බවත් රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍ය ඩබ්ලිව්.ඩී.ජේ. සෙනෙවිරත්න මහතා පැවසීය.


    අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (23) පාර්ලිමේන්තුවේදී සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව පිළිබඳ විවාදයට එක්වෙමිනි.

     

    වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේ ද කීය. "මේ යෝජනාව කාලෝචිතයි. මේ යෝජනාව ගෙනාවේ ඇයි කියා අහනවා. 1980 සිට වසර 34ක් මේ ප්‍රශ්නය ගැන කතා කරනවා. මෙය රටේ ඇති වූ බරපතළම සිද්ධියක්. 77දී බලයට පත් එජාප රජය සාර්ථක රජයක් කියා කිව්වත් මේ රටේ දේශීය නිෂ්පාදනය විනාශ කර සෑම දෙයක්ම පිටරටින් ගේන තත්ත්වයක් ඇති කළේ එජාප රජයයි. 

     

    මේවා මිලදී ගන්න ජනතාවට මුදල් තිබුණේ නැහැ. ‍මේ වෘත්තිය සමිති සමඟ සාකච්ඡා කරන්න කිසිවෙකු ඉදිරියට ආවේ නැහැ‍. වැඩවර්ජනය ආරම්භයේදීම එදා සිටි ඇමතිවරුන් වැඩ වර්ජකයන් කනත්තට යවනවා කිව්වා. රොනී ද මෙල්, මොන්ටේගු ජයවික්‍රම ඇතුළු කිහිපදෙනෙකු මේ අය නැවත සේවයට ගත්තා. වැඩවර්ජකයන්ගෙන් 38 හෝ 39 සියදිවි නසා ගත්තා යැයි ද" අමාත්‍යවරයා කීවේය.

     

    NDH/HC

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya