අනුරාධපුර තිරප්පනේ මහානාම මහා විද්‍යාලයේ ස්ථාපිත කරන ලද අංග සම්පූර්ණ මහින්දෝදය තාක්ෂණික විද්‍යාගාරය ද මෙහිදී ජනාධිපතිතුමා අතින් සිසු අයිතියට පැවරිණි. විද්‍යාගාරය සිසු අයිතියට පැවරූ ජනාධිපතිතුමා එහි නිරීක්ෂණ චාරිකාවක නිරතවෙමින් සිසුන් සමඟ සුහද කතාබහක නිරත විය.
දේශීය ආහාර භාවිතය සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කෙරෙන ප්‍රදර්ශනයක් ද පාසල් භූමියේ සංවිධානය කර තිබූ අතර එය නැරඹීමට ද ජනාධිපතිතුමා එක් විය.
අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන, අධ්‍යාපන සේවා අමාත්‍ය දුමින්ද දිසානායක, අමාත්‍ය තිස්ස කරලියද්ද, එස්.එම්. චන්ද්‍රසේන, නියෝජ්‍ය අමාත්‍යවරුන් වන වීරකුමාර දිසානායක, ඩබ්.බී. ඒකනායක, බී. මුතුකුමාරණ, උතුරු මැද පළාත් ආණ්ඩුකාර කරුණාරත්න දිවුල්ගනේ, ප්‍රධාන අමාත්‍ය එස්.එම්. රංජිත් යන මහත්වරුන් ද ජාතික පෝෂණ ලේකම් කාර්යාලයේ සම්බන්ධීකාරක වෛද්‍ය ලලිත් චන්ද්‍රදාස මහත්වරු ඇතුළු පිරිසක් මීට එක්ව සිටියහ.
DB