අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මත්තල ගුවන් තොටුපොළ ලාභ ලබන ආයතනයක් බවට ඉතා ඉක්මනින් පත් කරනවා

    ජූලි 23, 2014
    මත්තල මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපොළ ආරම්භ කර වසරක පමණ කාලයක් ගත ව ඇති බවත් එක් රැයකින් මෙයට ගුවන් යානා විශාල සංඛ්‍යාවක් ගෙන්විය නොහැකි බවත් ලාභ ලබන ආයතනයක් බවට ඉතා ඉක්මනින් පත් කරන බවත් සිවිල් ගුවන් සේවා අමාත්‍ය ප්‍රියංකර ජයරත්න මහතා පවසයි.


    අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (23) පාර්ලිමේන්තුවේ දී පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා විසින් වාචික පිළිතුරු අපේක්ෂාවෙන් අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

     

    මත්තල ගුවන් තොටුපොළට ගුවන් යානා ගෙන්වීම සඳහා ජාත්‍යත්තර ගුවන් තොටුපොළවල් සමඟ සාකච්ඡා කරමින් පවතී. අවශ්‍ය ගුවන් යානා ප්‍රමාණය ගෙන්වා මත්තල පුරවන්න අප කටයුතු කරනවා. එසේම මේ ස්ථානය ලාභ ලබන ආයතනයක් බවට ඉතා ඉක්මනින් පත් කරන බවත් අමාත්‍යවරයා අවධාරණය කළේය.

     

    NDH/HC

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya