අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සත්විරු අභිමන් රණවිරු සුබසාධන ප්‍රතිලාභ ප්‍රදානෝත්සවය ජනපති ප්‍රධානත්වයෙන්

    ඔක්තෝබර් 20, 2018

    රට වෙනුවෙන් ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කළ වීරෝධාර රණවිරුවන් වෙනුවෙන් රටේ යුතුකම ඉටුකරමින් ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ පූර්ණ ආශිර්වාදය සහ මගපෙන්වීම මත ක්‍රියාත්මක කරනු ලැබු රණවිරු සුභසාධන ව්‍යාපෘතිවල ප්‍රතිලාභ ප්‍රදානය කිරීමේ ''සත්විරු අභිමන් රණවිරු සුබසාධන ප්‍රතිලාභ ප්‍රදානෝත්සවය, ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් (18)දා පස්වරුවේ කොළඹ නෙථම් පොකුණ රංග ශාලාවේදී පැවැත්විණි.

    ත්‍රිවිධ හමුදාවේ, පොලිසියේ සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ රණවිරුවන් වෙනුවෙන් සම්පූර්ණ නිවාස 100ක් අර්ධ වශයෙන් ඉදිකර ගත් නිවාස සම්පූර්ණ කර දීමේ ප්‍රතිලාභ 800 ක්, රණවිරු දරුවන් වෙනුවෙන් විරු සිසු ප්‍රදීප ශිෂ්‍යාධාර 279 ක්, පදිංචිය සදහා ඉඩම් නොමැති රණවිරුවන් සදහා ඉඩම් කොටස් 84 ක් ප්‍රදානය කිරීම මෙහිදී සිදු විය.

    05 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය සමත් රණවිරු දරුවන් 279 දෙනෙකුගේ ඉදිරි අධ්‍යාපන කටයුතු සදහා ලබා දෙන ලද ,විරු සිසු ප්‍රදීප, ශිෂ්‍යාධාර සදහා ජාතික ආරක්ෂක අරමුදලේ ප්‍රතිපාදන මත වැය කර ඇති මුදල රුපියල් ලක්ෂ 69 කට අධිකය.

    රජයේ ඉඩම් ලබාදීමේ වැඩසටහන යටතේ ගල්නෑව, රස්නායකපුර හා කොටවෙහෙර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලින් පදිංචියට ඉඩම් නොමැති රණවිරුවන් වෙනුවෙන් ඉඩම් කොටස් 84ක් ලබා දීම සදහා වූ හිමිකම්පත් ලබා දීම ද සිදු කෙරිණි.

    ප්‍රතිලාභ ප්‍රදානය සංකේතවත් කරමින් කිහිප දෙනෙකු වෙත ප්‍රතිලාභ ප්‍රදානය ජනාධිපතිතුමා අතින් සිදු විය.

    ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විෙජ්වර්ධන, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් කපිල වෛද්‍යරත්න යන මහත්වරුන් ද ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවින්ද්‍ර විෙජ්ගුණරත්න මහතා ඇතුථ ත්‍රිවිධ හමුදාපතිවරුන්, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්. පොලිස්පති ඇතුථ ආරක්ෂක අංශ ප්‍රධානින් මීට එක්ව සිටියහ.

    ( ඡායාරූප : කපිල ආරියවංශ - ජනාධිපති මාධ්‍ය අංශය )

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya