අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනාධිපති පරිසර සම්මාන උලෙළ 2018 ජනපති ප්‍රධානත්වයෙන්

    ඔක්තෝබර් 20, 2018

    ජනාධිපති පරිසර සම්මාන උලෙළ 2018 ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයෙ (19) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්විණි.

    පාරිසරික විෂය ක්ෂේත්‍රයට විශිෂ්ට මෙහෙවරක් ඉටු කළ ආයතන, කර්මාන්ත හා සේවා, පාසල්, පුද්ගලයන්, සිවිල් සංවිධාන, ව්‍යාපාරිකයන්, මාධ්‍යවේදින් ඇගැයීමට ලක් කරමින් සම්මාන පිළිගැන්වීම ජනාධිපතිතුමා අතින් සිදු විය.

     

    එමෙන්ම ,ශ්‍රී ලංකා නෙක්ස්ට්, පාරිසරික ප්‍රදර්ශනය විවෘත කළ ජනාධිපතිතුමා එම ප්‍රදර්ශන කුටි නැරඹීමට ද එක් වූ අතර එම කාර්ය මණ්ඩල සම`ග සුහද කතා බහක නිරත විය. ජනාධිපති පරිසර සම්මාන 2018, සමරු කලාපය ද ජනාධිපතිතුමා වෙත පිළිගැන්විණි.

     

    අමාත්‍යවරුන් වන ජොන් අමරතුංග, ගාමිණි ජයවික්‍රම පෙරේරා, දයා ගමගේ, රාජ්‍ය අමාත්‍ය වීරකුමාර දිසානායක, නියෝජ්‍ය අමාත්‍ය අජිත් මාන්නප්පෙරුම යන මහත්වරන් ද, පළාත් ආණ්ඩුකාරවරුන්, ප්‍රධාන අමාත්‍යවරුන් ද, මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශයේ ලේකම් අනුර දිසානායක, මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති චන්ද්‍රරත්න පල්ලේගම යන මහත්වරුන් ඇතුථ නිළදාරින් මීට එක්ව සිටියහ.

    ( ඡායාරූප : නිශංක ද සිල්වා - ජනාධිපති මාධ්‍ය අංශය )

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya