අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ×

    අවවාදයයි

    JUser: :_load: 60: හැඳුණුම සමග පරිශීලකයා ප්‍රවේශනය කල නොහැකිය

    ජනපති සීෂෙල්ස් සංචාරය අරඹයි

    ඔක්තෝබර් 09, 2018

    ශ්‍රී ලංකාව සහ සීෂෙල්ස් රාජ්‍ය අතර පවතින සබදතා තවදුරටත් වර්ධනය කර ගැනීමේ අරමුණින් සීෂෙල්ස් ජනාධිපති ඩැනී ෆෝ (Danny Faure ) මහතා විසින් සිදුකළ ආරාධනයක් පරිදි ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සීෂෙල්ස් රාජ්‍යයේ දෙදින රාජ්‍ය සංචාරයක් ආරම්භ කළේ ය.

     

    අද (08) අථයම සීෂෙල්ස් ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත ළගා වූ ජනාධිපතිතුමා එහිදී එරට ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරියක වන මැක්සුසී මොන්ඩන් (Macsuzy Mondon ) මහත්මිය ඇතුඑ විශේෂ නියෝජිත පිරිසක් විසින් ඉතා ගෞරවයෙන් යුතුව පිළිගනු ලැබී ය.

    සීෂෙල්ස් හි කැබිනට් හා මහජන සේවා පිළිබද රාජ්‍ය ලේකම් මොහොමඩ් අෆීෆ් ( Mohamed Afif ) සීෂෙල්ස් තානාපති සේවයේ ප්‍රධානී හා සීෂෙල්ස් රාජ්‍යයේ රුසියානු තානාපති ව්ලැඩිමීර් ඛෙලොස් (Vladimir Belous ), ශ්‍රී ලංකාවේ සීෂෙල්ස් මහකොමසාරිස් කොන්රාඩ් මෙදරික් (Conrad Mederic), සීෂෙල්ස් හි ශ්‍රී ලංකා මහකොමසාරිස් ටිකිරි හේරත් ගුණතිලක යන මහත්වරුන් ද ජනාධිපතිතුමා පිළිගැනීම වෙනුවෙන් ගුවන් තොටුපල වෙත පැමිණ සිටියහ.

    ( ඡායාරූප : සුදත් සිල්වා )

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya