අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ×

    අවවාදයයි

    JUser: :_load: 60: හැඳුණුම සමග පරිශීලකයා ප්‍රවේශනය කල නොහැකිය

    “වනරෝපා” රුක් රෝපණ වැඩසටහන ඇරඹේ

    ඔක්තෝබර් 08, 2018

    බලය සහ ධනය මෙහෙයවන තනතුරු ගණනාවක් පසෙක තබා තමා පරිසර අමාත්‍යාංශය තෝරා ගත්තේ මිනිසා ප‍්‍රමුඛ සියලු සත්වයින්ට ජීවත්වීමේ අයිතිය තහවුරු කිරීමට බව ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා පවසයි.

     

    හිටපු ජනාධිපතිවරුන් ජනාධිපති ධුරයට පත් වූ වහාම මුදල් අමාත්‍යාංශය තමා යටතට පවරා ගත්ත ද තමා එසේ නොකර, ජනාධිපති ධුරයේ අසීමිත බලතල ද පාර්ලිමේන්තුවට පවරාදීමට කටයුතු කළ බව සිහිපත් කළ ජනාධිපතිතුමා හෙට උපදින මතු පරපුර වෙනුවෙන් පරිසරය රැක ගැනීමේ වගකීම ඉටුකිරීම සඳහා පරිසර අමාත්‍යාංශය තමා යටතට පවරාගත් බව ද කියා සිටියේය.

     

    ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මේ බව ප‍්‍රකාශ කළේ,  මන්නාරම නගර සභා කි‍්‍රඩාංගණයේ පැවති ජාතික පරිසර සමුළුව අමතමිනි.

     

    මෙහි දී අදහස් දැක්වූ ජනාධිපතිතුමා වැඩිදුරටත් සඳහන් කළේ පරිසර විනාශය අද මිනිසාගේ පැවැත්මට බරපතළ තර්ජනයක් වී ඇති බවත් මිනිසා, සතා සීපාවා ඇතුළු සියලු සත්වයන්ගේ ඉදිරි පැවැත්ම වෙනුවෙන් පරිසරය රැක ගැනීම අත්‍යවශ්‍ය කටයුත්තක් වී ඇති බවත් ය.

    මිනිසාගේ ජීවත්වීමේ අයිතිය තහවුරු කරන පරිසරය දරුවෙකු සේ රැක ගැනීමේ වැදගත්කම අවධාරණය කළ ජනාධිපතිතුමා පරිසරය විනාශ කර දැමීමට කිසිවෙකුට ඉඩ දිය නොහැකි බව ද අවධාරණය කළේය.

     

    යම් දිස්ති‍්‍රක්කයක සිදුවන පරිසර විනාශය පිළිබඳ එම දිස්ති‍්‍රක්කයේ සියලු රාජ්‍ය නිලධාරින් වගකිවයුතු බව ද මෙහි දී අවධාරණය කළ ජනාධිපතිතුමා නීතිය කි‍්‍රයාත්මක කිරීමේදී යම් දේශපාලන බලපෑමක් සිදුවන්නේ නම් තමා දැනුවත් කරන ලෙස ද එම සියලු දෙනාගෙන් ඉල්ලා සිටියේ ය.

     

    පරිසරය රැක ගැනීම වෙනුවෙන් වූ සියලු ජාත්‍යන්තර ප‍්‍රඥප්තීන්ට අද ශ‍්‍රී ලංකාව අනුගතව සිටින අතර, පරිසරය රැක ගැනීමේ දී ප‍්‍රමුඛ වූ තිරසර සංවර්ධන අරමුණු ජය ගැනීම වෙනුවෙන් ද සුවිශේෂී වැඩකොටසක් ඉටුකරමින් සිටින බව ජනාධිපතිතුමා සඳහන් කළේ ය.

    සෑම දිස්ති‍්‍රක්කයක්ම ආවරණය කරමින් මෙවන් පරිසර සමුළු පවත්වන්නේ දිස්ති‍්‍රක්ක මට්ටමින් පවතින පරිසර ගැටලු විසඳාගැනීමට බව ද සඳහන් කළ ජනාධිපතිතුමා ඒ වෙනුවෙන් සියලුදෙනා කි‍්‍රයාකාරීව තම වගකීම් ඉටුකිරීමේ අවශ්‍යතාව වැඩිදුරටත් අවධාරණය කළේ ය.

     

    සියලු දෙනා එක්ව පරිසර ප‍්‍රතිඥාව ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ජාතික පරිසර සමුළුව ආරම්භ කෙරුණු අතර, පාසල් ළමුන් අතර පැළ බෙදාදීමේ වැඩසටහන සංකේතවත් කිරීම ද ජනාධිපතිතුමා අතින් සිදු කෙරිණි.

     

    පරිසර දිනය වෙනුවෙන් පාසල් මට්ටමින් පැවති තරඟවල ජයග‍්‍රාහක සිසු සිසුවියන්ට තිළිණ ප‍්‍රදානය සිදු කෙරුණේ ද ජනාධිපතිතුමා අතිනි.

     

    අමාත්‍යවරුන් වන මහින්ද සමරසිංහ, මහින්ද අමරවීර, රිෂාඩ් බදුර්දීන්, රාජ්‍ය ඇමතිනි ශ‍්‍රියානි විජේවික‍්‍රම, වීරකුමාර දිසානායක, නියෝජ්‍ය අමාත්‍ය අංගජන් රාමනාදන්, කාදර් මස්තාන්, පාර්ලිමේන්තු මන්තී‍්‍ර චාර්ල්ස් නිර්මලනාදන් යන මහත්වරුන් ඇතුළු ප‍්‍රදේශයේ මැති ඇමතිවරු පිරිසක් ද, ජනාධිපති ලේකම් උදය ආර්. සෙනෙවිරත්න, මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශයේ ලේකම් අනුර දිසානායක, මන්නාරම දිස්ති‍්‍රක් ලේකම් ඇතුළු රාජ්‍ය නිලධාරින් සහ ආරක්ෂක අංශ නියෝජිතයන් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

     

    මේ අතර 2018 ජාතික රුක් රෝපණ වැඩසටහනේ සමාරම්භය ද  ජනාධිපතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් මන්නාරම, මඩුපාර, තම්පනකුලම් ප‍්‍රදේශයේ දී සිදු කෙරිණි.

     

    රාජ්‍ය අනුග‍්‍රහය සහිතව දීප ව්‍යාප්ත මට්ටමින් පුළුල් පරිසර සංරක්ෂණ වැඩසටහනක් දියත් කිරීමේ කාලීන අවශ්‍යතාව පෙරදැරි කර ගනිමින් ජනාධිපතිතුමාගේ මඟපෙන්වීමට අනුව මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශය විසින් කි‍්‍රයාවට නංවන ලද පුනරුදය ජාතික පරිසර සංරක්ෂණ වැඩසටහන යටතේ වනරෝපා ජාතික වැඩසටහන කි‍්‍රයාත්මක කෙරේ.

     

    ශ‍්‍රී ලංකාවේ වන ආවරණය 32‍% ක් දක්වා ඉහළ නංවා ගැනීම හා දේශගුණික විපර්යාසවල බලපෑම් අවම කිරීම සහ නීල හරිත යුගයක් කරා රට ගෙන යාම මෙහි අරමුණයි.

     

    ජන සහභාගිත්වය හා ආයතනික දායකත්වය මගින් මෙම වැඩසටහන අපේක්ෂිත ඉලක්ක කරා ළගාවීම දිරි ගන්වමින් ඔක්තෝබර් මාසය ජාතික රුක් රෝපණ මාසය ලෙස නම් කොට ඇත.

     

    වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2018 වනරෝපා ජාතික වැඩසටහනට සමගාමීව දිවයින පුරා විවිධ ස්ථානවල පැළ මිලියන 2 කට ආසන්න ප‍්‍රමාණයක් බෙදාදීමට ද කටයුතු යොදා තිබේ.

     

    කොහොඹ පැළයක් රෝපණය කරමින් 2018 වනරෝපා ජාතික වැඩසටහනේ සමාරම්භය සනිටුහන් කිරීම ජනාධිපතිතුමා අතින් සිදු කෙරිණි.

     

    මීට සමගාමිව පාසල් සිසුන්ගේ සහභාගිත්වයෙන් පැළ රෝපණය කිරීමේ වැඩසටහනක් ද පැවැත්වුණු අතර එම දරුවන් අතරට ගිය ජනාධිපතිතුමා ඔවුන් සමඟ සුහද කතා බහක ද නිරත විය

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya