අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ×

    අවවාදයයි

    JUser: :_load: 60: හැඳුණුම සමග පරිශීලකයා ප්‍රවේශනය කල නොහැකිය

    ජපාන ශ‍්‍රී ලංකා වාහනකරුවන්ගේ සුහද හමුවට ජනපති එක් වෙයි

    ඔක්තෝබර් 09, 2018

    ජපාන ශ‍්‍රී ලංකා වාහන අපනයනකරුවන්ගේ සංගමය, ශ‍්‍රී ලංකා වාහන ආනයනකරුවන් සමග එක්ව   (05)දින කොළඹ ෂැංග‍්‍රිලා හෝටලයේදී පැවැත්වූ සුහද හමුවේ ප‍්‍රධාන ආරාධිතයා ලෙස ජනාධිපති ගරු මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා එක් විය.

    ගරු ජනාධිපතිතුමා පසුගියදා ජපානයේ කළ සංචාරයේ දී එතුමා මුණගැසුණු එරට වෙසෙන ලාංකීය වාහනකරුවන් ශ‍්‍රී ලංකාවට වාහන ගෙන්වීමේ දී වාහනකරුවන් මුහුණ දෙන ගැටලු සහ වාහන ආශ‍්‍රිතව ශ‍්‍රී ලංකාව මුහුණ දෙන ගැටලු සම්බන්ධයෙන් වන ඔවුන්ගේ අදහස් යෝජනා ජනාධිපතිතුමා වෙත ඉදිරිපත් කරන ලදී. එම අදහස් සහ යෝජනා මුදල් අමාත්‍යාංශය සහ අයවැය සම්පාදනයේ දී සලකා බැලීම සඳහා ඉදිරිපත් කිරීමට ජනාධිපතිතුමා ගත් පියවර විශේෂයෙන් අගය කර ජපාන ශ‍්‍රී ලංකා වාහන අපනයනකරුවන්ගේ සංගමය ජනාධිපතිතුමා වෙත විශේෂ ඇගයුම් සම්මානයක් ද පිරිනැමුවේ ය.

    ජපාන ශ‍්‍රී ලංකා වාහන අපනයනකරුවන්ගේ සංගමය තම සාමාජිකයන් වෙත හා ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සාමාජිකයන් අගයමින් පිරිනැමූ විශේෂ සමරු තිළිණ පිරිනැමුණේ ද ජනාධිපතිතුමා අතිනි.

    ජපානයේ ශ‍්‍රී ලංකා තානාපති මහාචාර්ය ධම්මික ගංගානාත් දිසානායක මහතා ඇතුළු සාමාජිකයන් මෙම සුහද හමුවට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya