අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මැතිවරණ ඉදිරියේදී කඩිනමින් පැවැත්වීම සම්බන්ධව සාකච්ඡාවක් -අග්‍රාමාත්‍යවරයා ප්‍රධාන සමාලෝචන කමිටුවක්

    ජූලි 20, 2018

    දැනට පමා වී ඇති පළාත් සභා මැතිවරණ ඉදිරියේදී කඩිනමින් පැවැත්වීම සම්බන්ධව සාකච්ඡාවක් අද දින (20) පාර්ලිමේන්තුවේදී කථානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

    මෙම අවස්ථාවට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, විපක්ෂ නායක ආර්. සම්බන්දන්, පළාත් පාලන විෂය භාර ඇමති ෆයිසර් මුස්තාෆා යන මහත්වරු සහ නිමල් සිරිපාල ද සිල්වා, රවුෆ් හකීම්, මලික් සමරවික්‍රම, දිනේෂ් ගුණවර්ධන, ඩග්ලස් දේවානන්ද, අනුර කුමාර දිසානායක, රිෂාද් බදියුදීන් මහතා නියෝජනය කරමින් අමීර් අලි යන අය මැති ඇමතිවරු සහ පක්ෂ නායකවරු එක් වූහ.

    එමෙන්ම මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා, නීතිපතිවරයා, සීමා නිර්ණ කොමිෂන් සභාවේ සභාපතිවරයා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා ඇතුළු අදාල ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරීහු මෙම සාකච්ඡාව සඳහා එක්ව සිටියහ.

    සභාව ආරම්භ කරමින් කරුණු පැහැදිලි කළ කථානායකවරයා සඳහන් කළේ මැතිවරණ ප්‍රමාදය පිලිබඳව රට තුළ පවතින ජනමතය මෙන්ම ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවාහය ශක්තිමත් කිරීමට නිසි කලට මැතිවරණ පැවැත්වීමේ අවශ්‍යතාවයද සැළකිල්ලට ගනිමින් පක්ෂ නායකයන් එක්ව පළාත් සභා මැතිවරණය කවර ක්‍රමවේදයක් අනුව කවර කාලයක් තුලදී පැවැත්විය යුතුද යන්න පිලිබඳ තීරණය අප්‍රමාදව ගත යුතු බවයි.

    එමෙන්ම, පොදු ජනතාව සහ සිවිල් සමාජ සංවිධාන විසින්ද පෙන්වා දී ඇති මතය වන්නේ මනාප ක්‍රමයෙන් බැහැර වූ ස්වකීය කොට්ඨාශයට වගකියන මන්ත්‍රීවරුන් පත් කර ගැනීමේ අවශ්‍යතාවය බව සඳහන් කළ කථානායකවරයා කවර තත්ත්වයක් යටතේ වුවද මන්ත්‍රීවරුන් ප්‍රමාණය සංඛ්‍යාත්මකව වැඩි වීම ජනතාව අනුමත නොකරනු ඇති බවද අවධාරණය කළේය. මෙහිදී දීර්ඝ වශයෙන් අදහස් හුවමාරු වූ අතර, ඒකමතික අවසාන තීරණයකට එළඹීම සඳහා තවදුරටත් සාකච්ඡා කිරීමට අවශ්‍ය බව සියලු පාර්ශ්වයන්ගේ පිලිගැනීම විය. සාකච්ඡාවේදී මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා සහ සීමා නිර්ණ කොමිෂන් සභාවේ සභාපතිවරයා සඳහන් කළේ මහජන නියෝජිතයන් විසින් ස්වකීය අවසාන තීරණය කඩිනමින් ප්‍රකාශ කරන්නේ නම් කවර ක්‍රමවේදයක් යටතේ වුවද මැතිවරණය කඩිනමින් පැවැත්වීම සඳහා උපරිමයෙන් දායකත්වය ලබා දීමට තමන් සූදානම් බවයි.

    ඔක්තෝබර් මස අවසන් වීමට පෙර අවසන් නිගමනයකට පිවිසියහොත් ජනවාරි මස 05 වන දින පලාත් සභා මැතිවරණය පැවැත්වීමට හැකි වනු ඇති බවට සභාපතිවරුන් දෙපල විශ්වාසය පළ කළහ.

    එසේම, පළාත් සභා මැතිවරණය පැවැත්වීමට අදාලව 2017 අංක 17 දරණ පළාත් සභා ඡන්ද විමසීම් සංශෝධන පනත් කෙටුම්පතේ 3/(අ)/12 වගන්තියේ සඳහන් විධිවිධාන ප්‍රකාරව කථානායකවරයා විසින් අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් යුත් පහත නම් සඳහන් සාමාජිකයන් සහිතවූ සමාලෝචන කමිටුවක් පත් කිරීමටද කථානායකවරයා විසින් පියවර ගනු ඇත.

    1. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා

    2. විපක්ෂ නායක ආර්. සම්බන්දන් මැතිතුමා

    3. අමාත්‍ය රවුෆ් හකීම් මැතිතුමා

    4. අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මැතිතුමා

    5. මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා

    6. සීමා නිර්ණ කොමිෂන් සභාවේ සභාපති කේ. තවලිංගම් මහතා

    මේ පිලිබඳ ඊළඟ රැස්වීම ගරු අග්‍රාමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් 2018 ජුලි මස 26 වන දින පැවැත්වීමටද තීරණය කෙරිණි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya