අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රටේ එක්සත්භාවය, භෞමික අඛණ්ඩතාවය, සෛවරිභාවය වෙනුවෙන් පෙනී සිටිනවා- ආචාර්ය ජයම්පති වික්‍රමරත්න

    ජූලි 20, 2018

    ''විශේෂඥ මණ්ඩලයේ හයදෙනෙක් ඉදිරිපත් කළ දළ කෙටුම්පත් වාර්තාව හැදීමට මාගේ කිසිම දායකත්වයක් තිබුණේ නෑ. අපි මේ රටේ එක්සත්භාවය,රටේ භෞමික අඛණ්ඩතාවය, රටේ සෛවරිභාවය වෙනුවෙන් පෙනී සිටිනවා. මෙහෙයුම් කමිටු වාර්තවේ පැහැදිළිව කිය තිබෙනවා, ශ්‍රී ලංකාව බෙදිය නොහැකි, බෙදන්න බැරි, නොබෙදුණු රාජ්‍යයක් ලෙස පිළිගත යුතු බව ''යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය ජයම්පති වික්‍රමරත්න මහතා පවසයි.

     

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ මතු වූ ප්‍රකාශයක් සම්බන්ධයෙන් කරුණු පැහැදිළි කරමින් මන්ත්‍රීවරයා අද (20) පාර්ලිමේන්තුවේ දී මෙසේ පැවසී ය.

    ඊයේ (19) පාර්ලිමේන්තුවේ දී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ක්‍රියාවලිය පිළිබඳව යම් සඳහන් කිරීමක් කරනු ලැබුවා,මගේ නමද  සඳහන් කරමින්.එම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියට සහාය දෙන්නට පත් කරන ලද විශේෂඥ  දැනුමක් ඇති පුද්ගලයන් පත් කළේ විවිධ පක්ෂවල නාම යෝජන අනුව.ඔවුන් විවිධ මත තිබෙන ස්වාධීන  පුද්ගලයන්. ඒ අය ව්‍යවස්ථා හදන්නේ නෑ. ඒ අය කරන්නේ මෙහෙයුම් කමිටුවේ වැඩි දුර සාකච්ඡා දළ  කෙටුම්පතක් හැදීම පමණයි. මෙහෙයුම් කමිටුව අනුමත කරන්න ඕන,ඉන් පසු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලය  ඉදිරියට යනවා.අවසානයේ පාර්ලිමේන්තුවට යනව. මෙම විශේෂඥයින්ට පහර දුන්නොත්, සමාජ ජාලා හරහා  තර්ජනය කරනව නම්,පාර්ලිමේන්තුවේ මේ කරුණ පමණක් නොව වෙනත් කිසිදු කාරණයක් පිළිබඳව වත් පාර්ලිමේන්තුවට උදව් කරන්න ඉදිරිපත් වන එකක් නෑ. විශේෂඥ මණ්ඩලයේ හයදෙනෙක් ඉදිරිපත් කළ දළ  කෙටුම්පත් වාර්තාව හැදීමට මාගේ කිසිම දායකත්වයක් තිබුණේ නෑ.එහි සමහර වගන්ති පිළිබඳව මට තිබෙනවා  වෙනස් මත. මෙහෙයුම් කමිටුවේ දී ඒ පිළිබඳව මගේ අඳහස් ප්‍රකාශ කරනවා. රට බෙදන්න ෆෙඩරල් ව්‍යවස්ථාවක් ගේනවා කියලා බරපතල චෝදනාවක් කර තිබෙනවා. එදා එල්.ටී.ටී.ඊ එක උතුරේ සිටි වාමාංශිකයන් මරලා  දැම්මා.සමහරු රට අතහැර ගියා.රට බෙදීම වැළැක්වීම එක් පුද්ගලයකුට හෝ කණ්ඩයමකට ලියා දී නෑ. මෙහෙයුම් කමිටු වාර්තාවේ බොහොම පැහැදිළිව කියා තිබෙනවා, මෙහෙයුම් කමිටු වාර්තවේ පැහැදිළිව ශ්‍රී ලංකාව බෙදිය නොහැකි බෙදන්න බැරි නොබෙදුණු රාජ්‍යයක් ලෙස පිළිගත යුතුයි.රට බෙදීමට විරුද්ධව පැහැදිළි විධිවිධාන ඇතුළත් කළ යුතුයි කියලා බොහොම පැහැදිළිව කියා තිබෙනවා.ඒකීය රාජ්‍යයක් විය යුතුයි කියා බොහොම පැහැදිළිව කියා තිබෙනවා. වර්තමානයේ ව්‍යවස්ථාවේ වත් නැති වගන්තියක් තිබෙනවා,අනතුරක් ඇති වුණොත් පළාත් සභාවක් විසුරුවා හැරීමට කේන්ද්‍රයට බලය දිය යුතුයි කියලා.එම යෝජනාව ඉදිරිපත් කළේ මමයි.අපි මේ රටේ එක්සත්භාවය, රටේ භෞමික අඛණ්ඩතාවය, රටේ සෛවරිභාවය වෙනුවෙන් පෙනී සිටිනවා. මේ චෝදනා භායානකයි යැයි ද මන්ත්‍රීවරයා පැවසී ය.


    සැගවුණු ක්‍රියාවලියක් නෑ- මෙවැනි චෝදනාවක් එල්ල වීම ගැන කණගාටුයි - පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්තිරන්

    සභාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මෙහෙයුම් මණ්ඩලයේ කාර්ය සම්බන්ධයෙන් ඊයේ සිදු කර තිබූ යම් ප්‍රකාශයක්  සම්බන්ධයෙන් අඳහස් දැක්වීමට කැමතියි. මේ සඳහා විද්වතුන් 10 දෙනෙකු පත් කර තිබුණා මෙම මෙහෙයුම්  කාරක සභාවට උපදෙස් ලබාදීමට.නීත්‍යානුකූල පත් කිරීම් කර තිබුණේ ආණ්ඩ්ක්‍රම ව්‍යාවස්ථා මණ්ඩලය විසින්. දස දෙනෙකු සම්බන්ධ විද්වත් කමිටුවට වාර්තාවක් ලබාදෙන්න කිව්වා නව ව්‍යවස්ථා කෙටුම්පත හදන්න සහාය  වීම පිණිස.මේ වසරේ ජනවාරි මස තීරණයක් ගත්තා විද්වත් කමිටුව සාකච්ඡාවක් කරලා, අවසන් කිරීමට තීරණය කළා.විද්වත් කමිටුවේ සාමාජිකයකුට කිව්වා පළමු වාර්තාව සකස් කරන්න කියලා. මැයි මාසය වනවිට විද්වතුන්
    හය දෙනෙක් වාර්තාවක් සකස් කර තිබුණා. තවත් දෙදෙනෙක් තවත් වාර්තාවක් සකස් කර තිබුණා.ආණ්ඩුක්‍රම  ව්‍යවස්ථා මෙහෙයුම් කමිටුව අවශ්‍ය තොරතුරු සම්බන්ධයෙන් වාර්තාවක් සකස් කරන්න තවත් මාසයක් ලබාදුන්නා. එහෙත් මාස දෙකක් ඉක්මවී ගියත් වාර්තාව සකස් වී තිබුණේ නෑ.දින දෙකකට පෙර රැස්වීමේ දී මීට  පෙර සකස් කළ වාර්තාව ඉදිරිපත් කළා. මෙම වාර්තාවට කිසිදු අත්සනක් යොදා නෑ.අත්සන් දැමූ කතාව වළංගු  නෑ.මෙහෙයුම් කමිටුව ඉල්ලීමක් කළා දස දෙනාටම එක් වාර්තාවක් සකස් කරන්න කියලා. එයට සති දෙකක්  කාලය ලබාදුන්නා. හයදෙනා සකස් කළ වාර්තාවට මා සම්බන්ධ නෑ. දෙදෙනෙක් සැකසූ වාර්තාව සම්බන්ධයෙන්
    යම් අවබෝධයක් තිබෙනවා. චෝදනාවක් කරනවා නම් වාර්තාවලට අත්සන් යෙදීම සම්බන්ධයෙන් චෝදනාව  එන්න ඕන දෙදෙනා සැදූ වාර්තාව සම්බන්ධයෙන් මා සහ ආචාර්ය ජයම්පති වික්‍රමරත්න මහතා මේ වාර්තා සකස්  කිරීමට කිසිදු සම්බන්ධයක් නෑ. මෙහි සැගවුණු ක්‍රියාවලියක් නෑ. මෙවැනි චෝදනාවක් එල්ල වීම ගැන කණගාටු වෙනවා.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya