අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඉතාලි, ජෝර්ජියා සංචාර සාර්ථකව නිම කළ ජනපති දිවයිනට

    ජූලි 20, 2018
    රෝමයේ පැවති ලෝක වනාන්තර සතිය සැමරුම් සමුළුවට හා ලෝක වන සංරක්ෂණ කමිටුවේ 24 වන සැසිවාරයට මෙන්ම ජෝර්ජියාවේ පැවති විවෘත රාජ්‍ය හවුල්කාරිත්ව නායක හමුව සඳහා සහභාගී වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සිය සය දින නිල සංචාරය සාර්ථකව නිමවා අද (20) පෙරවරුවේ යළි දිවයිනට පැමිණියේය.
     
    ශ‍්‍රී ලංකාව දියුණු ප‍්‍රජාතන්ත‍්‍රවාදී රටක් බවට ලොව තුළ විශ්වාසය ගොඩනගමින් යන ගමනේ තවත් අතිසාර්ථක සංචාරයන් ලෙසින් ජනාධිපතිතුමාගේ මෙම සංචාර හඳුන්වාදිය හැකි අතර ඒ තුළින් ඉදිරියේදී මාතෘභූමියට යහපත් ප‍්‍රතිලාභ රැසක් උදාවනු ඇත. 
     
    රෝමයේ පැවති හයවන ලෝක වනාන්තර සතිය සැමරුම් සමුළුවට හා ලෝක වන සංරක්ෂණ කමිටුවේ 24 වන සැසිවාරය සඳහා සහභාගීවීමට ජනාධිපතිතුමා රෝමයට ළගා වූයේ ඉකුත් ජූලි 14දාය.
     
    ඉන් අනතුරුව 17දා ජනාධිපතිතුමා සිය ජෝර්ජියා නිල සංචාරය ආරම්භ කරනු ලැබීය. 

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya