අප්‍රේල් 17, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මහානායක හිමිවරුන්ගේ ඉල්ලීම මත ඉදිරිපත් කළ පනත් කෙටුම්පත් දෙකක්- අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ

    ජූලි 20, 2018

    බෞද්ධ විහාර දේවාලගම් ( සංශෝධන ) පනත් කෙටුම්පත සහ ථේරවාදී භික්ෂු කතිකාවතක් ( ලියාපදිංචි කිරීමේ ) පනත් කෙටුම්පත මහානායක හිමිවරුන්ගේ ඉල්ලීම මත ඉදිරිපත් කළ පනත් කෙටුම්පත් දෙකක් බව උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පවසයි.

    මෙම පනත් කෙටුම්පත් දෙක සුදුසු නොවන බවට එක්තරා භික්ෂූන් වහන්සේ නමක් ඊයේ ප්‍රවෘත්ති සාකච්ඡාවක දී කළ ප්‍රකාශයට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා අද (20) පාර්ලිමේන්තුවේ දී මේ බව කීය.

    මෙම පනත් කෙටුම්පත් දෙක පිළිබඳව මහානායක හිමිවරුන් සමඟ සාකච්ඡා කර ඇත. ශාසනය ආරක්ෂා කරගැනීමට මහා නායක හිමිවරුන්ට අවශ්‍යතාවයක් පවති. ඒ අනුව උන්වහන්සේ කටයුතු කරති. ඒ සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සහාය අපේක්ෂාවෙන් මෙම පනත් කෙටුම්පත් දෙක ඉදිරිපත් කර ඇත. මහානායක හිමිවරුන්ගේ එම ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීම සුදුසු නොවන බවද අමාත්‍යවරයා සඳහන් කළේ ය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya