අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    බස්නාහිර පළාත් සභා නව ගොඩනැගිලි සංකීර්ණය ජනපති අතින් විවෘත කෙරේ

    ජූලි 13, 2018

    බත්තරමුල්ල, ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවතේ ඉදිකරන ලද බස්නාහිර පළාත් සභා නව ගොඩනැගිලි සංකීර්ණය ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ (12) පෙරවරුවේ විවෘත කෙරිණි.

    මහා සංඝරත්නයේ සෙත් පිරිත් සජ්ජායනා මධ්‍යයේ නව ගොඩනැගිල්ල විවෘත කළ ජනාධිපතිතුමා එහි 13 වන මහලේ පැවති නව සභාවේ මුලසුන හොබවමින් එහි සමාරම්භය ද සනිටුහන් කළේය.

    බස්නාහිර පළාත් සභාවේ සියලු අමාත්‍යාංශ සහ ආයතන එකම ගොඩනැගිල්ලක් යටතට ගෙන එමින් පුළුල් සහ කාර්යක්ෂම මහජන සේවාවක් සැපයීමේ අරමුණින් සියලු පහසුකම්වලින් සහ නවීන තාක්ෂණයෙන් සමන්විතව මම නව ගොඩනැගිලි සංකීර්ණය ස්ථාපිත කර තිබේ.

    හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, බස්නාහිර පළාත් ආණ්ඩුකාර හේමකුමාර නානායක්කාර, ප‍්‍රධාන අමාත්‍ය ඉසුර දේවප‍්‍රිය, බස්නාහිර පළාත් ලේකම් ප‍්‍රදීප් යසරත් යන මහත්ම මහත්මීන් ඇතුළු බස්නාහිර පළාත් සභාවේ මැති ඇමතිවරුන් සහ නිලධාරින් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya