අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ග්‍රාමශක්ති ජනතා ව්‍යපාරයේ මධ්‍යම පළාත් මෙහෙයුම් කමිටුව ජනපති ප්‍රධානත්වයෙන් ....

    ජූලි 12, 2018
    ග්‍රාමශක්ති ජනතා ව්‍යපාරයේ මධ්‍යම පළාත් මෙහෙයුම් කමිටුව ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (11) පස්වරුවේ මහනුවර ජනාධිපති මන්දිරයේදී රැස් විය.
     
    සීමාසහිත මාතලේ අඹන් ගග වැනිලා වගාකරුවන්ගේ ග්‍රාමශක්ති ජනතා සමිතිය සහ මැකොමික් සමාගම අතර අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීම සහ, නුවරඑළිය මල් වගාකරුවන්ගේ ග්‍රාමශක්ති  ජනතා සමාගම සහ හේලිස් සමාගම අතර අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීම මෙහිදී සිදුවිය.
    සීමාසහිත ගල්කඩපතන බහු භෝග නිෂ්පාදකයින්ගේ සහ ව්‍යවසායකයින්ගේ ග්‍රාමශක්ති ජනතා සමිතිය සහ සීමාසහිත කියෝටා කෝපි සමාගම අතර අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීම ද සිදුවිය.
    එමෙන්ම ග්‍රාමශක්ති ජනතා සමිති සදහා ලබාදෙන පළමු වාරිකය වෙනුවෙන් ප්‍රතිපාදන නුවර, මාතලේ සහ නුවරඑළිය දිස්ති්‍රක් ලේකම්වරු වෙත ලබාදීම ද ජනාධිපතිතුමා අතින් සිදු කෙරිණි. 
    අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල, මධ්‍යම පළාත් ආණ්ඩුකාර පී.බී. දිසානායක, ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක යන මහත්වරුන් ඇතුථ පළාතේ පක්ෂ, විපක්ෂ මහජන නියෝජිතයින් රැසක් සහ දිස්ති්‍රක් ලේකම්වරුන්, ප්‍රාදේශීය ලේකම්වරුන්, දෙපාර්තමේන්තු ප්‍රධානින් ඇතුථ පළාතේ රාජ්‍ය නිලධාරින් මෙම මෙහෙයුම් කමිටු රැස්වීමට එක්ව සිටියහ.
     
    ( ඡායාරූප : උදේශ් ගුණරත්න - ජනාධිපති මාධ්‍ය අංශය ) 

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya