මැයි 05, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වැලිකන්ද ගොවි ජන සේවා මධ්‍යස්ථානය ජනපති අතින් විවෘත කෙරේ

    ජූලි 10, 2018

    වැලිකන්ද ගොවි ජනතාව වෙනුවෙන් රුපියල් එක් කෝටි තිස් එක් ලක්ෂයක් වැය කරමින් ඉදිකෙරුණු නව ගොවි ජන සේවා මධ්‍යස්ථානය ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් ඊයේ (09) පස්වරුවේ විවෘත කෙරිණි.

    "පිබිදෙමු පොළොන්නරුව" දිස්ති්‍රක් සංවර්ධන වැඩසටහන යටතේ ඉදිකෙරුණු මෙම ගොවි ජන සේවා මධ්‍යස්ථානය සියලූ පහසුකම්වලින් සමන්විතය.

    සමරු ඵලකය නිරාවරණය කර ගොවි ජන සේවා මධ්‍යස්ථානය විවෘත කළ ජනාධිපතිතුමා එම පරිශ්‍රයේ නිරීක්ෂණ චාරිකාවක ද නිරත විය.

    කෘෂිකර්ම ගොවි ජන රක්ෂණ මණ්ඩලය මගින් ප්‍රදානය කරනු ලබන වගා හානි ස`දහා වන්දි ලබාදීමට අදාළ චෙක්පත් සහ ගොවිජන බැංකු මගින් ලබාදෙන ව්‍යාපෘති ණයවලට අදාළ චෙක්පත් ප්‍රදානය කෙරුණේ ද ජනාධිපතිතුමා අතිනි. කෘෂිකර්ම උපකරණ කට්ටල ප්‍රදානය කිරීම ද සිදු විය.

    අමාත්‍ය මහින්ද අමරවීර, නියෝජ්‍ය අමාත්‍ය අංගජන් රාමනාදන් යන මහත්වරුන් සහ ප්‍රදේශයේ මහජන නියෝජිතයින් ද, කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් බී. විෙජ්රත්න, ගොවි ජන සේවා කොමසාරිස් ජනරාල් ඩබ්.එම්.බී. වීරසේකර, පොළොන්නරුව දිස්ති්‍රක් ගොවි ජන සංවර්ධන සහකාර කොමසාරිස් බී.එම්.සී.එච්. කුමාරිහාමි යන මහත්ම මහත්මින් ඇතුථ පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

     ( ඡායාරූප : සඳරුවන් අමරසිංහ - ජනාධිපති මාධ්‍ය අංශය )

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya