අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ලී ක්වාන් යූ ජල සම්මාන උළෙල - 2018

    ජූලි 10, 2018
    ලෝකයේ ජල අභියෝග ජය ගැනීම සඳහා නවෝත්පාදක තාක්‍ෂණය යොදා ගැනීම ඔස්සේ මානව සංහතියට සිදු කළ සේවාව වෙනුවෙන් පිරිනැමෙන ලී ක්වාන් යූ 2018 ජල සම්මාන උළෙල ඊයේ (09) සන්ධ්‍යාවේ සිංගප්පූරුවේ රිට්ස් කාර්ල්ටන් හෝටලයේ දී  සිංගප්පූරු ජනාධිපතිනි හලිමා යේකුබ් (HE Halimah Yacob) මැතිණියගේ ප්‍රධානත්වයෙන් පැවති අතර, ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය විශේෂ ආරාධිතයන් වශයෙන් ඊට සහභාගි වූහ.
     
    ලෝකයේ ජල අභියෝග ජය ගැනීම සඳහා නවෝත්පාදක තාක්‍ෂණය යොදා ගැනීම ඔස්සේ මානව සංහතියට සිදු කළ සේවාව වෙනුවෙන් පිරිනැමෙන ලී ක්වාන් යූ 2018 ජල සම්මානය අමෙරිකානු ජාතික මහාචාර්ය රීටා රොසි කොල්වෙල්ට (Prof. Rita Rossi Colwell) හිමි විය.
     
    දුර දැක්ම, යහපාලනය හා නවෝත්පාදන ඔස්සේ නගර සංවර්ධනය සඳහා පිරිනැමෙන ලී ක්වාන් යූ 2018 නගර සම්මානය හිමි වූයේ දකුණු කොරියාවේ සියොල් නගරයටය.
     
    ශ්‍රී ලංකාව නියෝජනය කරමින් නගර සැලසුම් සහ ජල සම්පාදන අමාත්‍ය රවුෆ් හකීම්, නිවාස සහ ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස, ඛණිජ තෙල් සම්පත් සංවර්ධන නියෝජ්‍ය ඇමතිනී අනෝමා ගමගේ යන මහත්ම මහත්මීහු ද මේ අවස්ථාවට එක්ව සිටියහ. 
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya