මැයි 03, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    බියගම ප්‍රාදේශීය ලේකම් කාර්යාල නව ගොඩනැගිල්ල අගමැති සුරතින් ජනතා අයිතියට

    ජූලි 06, 2018

    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ උපදෙස් මත ඉදිකළ බියගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නව තෙමහල් ගොඩනැගිල්ල ජනතා අයිතියට පත් කිරිම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ සුරතින් අද  ( ජූලි මස 06 ) වන සිකුරාදා ප.ව. 03.00 ට සිදු කිරිමට නියමිතය.

     

    ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතාගේ මෙහෙයවීමෙන්, ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ මූල්‍ය ප්‍රතිපාදන මත මේ සඳහා වැය කළ මුදල රුපියල් ලක්ෂ 500 කි.

    මෙම අවස්ථාව සඳහා ස්වදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ජේ.සි. අලවතුවල, බියගම ප්‍රාදේශීය සංවර්ධන කමිටුවේ සමසභාපතිවරුන් වන ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන, නලීන් දිසානායක යන මහත්වරු ඇතුළු ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු හා පළාත් සභා මැතිඇමතිවරු සහභාගිවිමට නියමිතය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya