මැයි 17, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රජය මාධ්‍ය නිදහස ඇති කර තිබෙනවා - මාධ්‍යවේදීන් වෙත එල්ලවන තර්ජනවලට විරුද්ධයි

    ජූලි 06, 2018

    රජය මාධ්‍ය නිදහස ඇති කර තිබෙන බවත් එය ආරක්ෂා කර තිබෙන බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද  (6) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ ය.

    නෙත් එෆ්.එම් නාලිකාවේ කාලීන වැඩසටහනක් වන බැලුම්ගල වැඩසටහන සම්බන්ධයෙන් සිදු කෙරෙන පොලිස් පරීක්ෂණයක් පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේ දී කළ විමසීමකට
    පිළිතුරු ලබාදෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසී ය.

    මේ රජය මාධ්‍ය නිදහස ඇති කළා. එය ආරක්ෂා කළා. පොලිස් පැමිණිල්ලක් නිසා පොලීසිය ගත් පියවරක් තිබෙන්නේ. නෙත්FM සේවය බැලුම්ගල වැඩසටහන ගැන  පැමිණිල්ලක් කර තිබෙනවා. වැඩසටහන මෙහෙය වූ අයගෙන් ප්‍රකාශ සටහන් කර තිබෙනවා. පොලීසිය මැයි 08 අධිකරණයට කරුණු වාර්තා කර තිබෙනවා. නෙත්FM සේවය වැඩසටහනට මැදිහත් වි නෑ. ප්‍රමාණවත් මාධ්‍ය නිදහසක් තිබෙනවා. මාධ්‍යවේදීන් වෙත එල්ලවන තර්ජනවලට විරුද්ධයි යැයි ද අග්‍රාමාත්‍යවරයා පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya